ජල පිරිපහදු මිල ඉහළයි… සභාපති ජලසම්පත් මණ්ඩලයේ ඉඩම් විකුණන සැලසුමක…

ක්ලෝරීන් මිල,  විදුලි බිල් ඉහළ යාම නිසා ජල සම්පාදන  මණ්ඩලයේ දෛනික වියදම් වැඩි වී තිබෙන බැවින් පිරිවැය දරාගත නොහැකි සේ ඉහළ ගොස් ඇති බවත්, ජල සම්පාදන මණ්ඩලය සතු ඉඩම් විකිණීම හෝ ලීසිං කිරීම මගින් ලබා ගන්නා මුදලින් එම වියදම් පියවා ගැනීම ගැන කල්පනා කරන බවත්  ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  අද (21)  උදේ   පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජනතාව වෙත පානීය ජලය ලබා දීමේදී මණ්ඩලයට විශාල පිරිවැයක් දරන්නට සිදුව තිබෙන බවත් මේ වන විට ජල පාරිභෝගිකයින් ගෙන් රුපියල් බිලියන 07  ක පමණ මුදලක් අයවිය යුතුව තිබෙන ඔහු පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජලය අපතේ යාම අවම කිරීම, සූර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීම ආදි ක්‍රම ඔස්සේ වියදම් අඩුකර ගැනීමට සැළසුම් කර තිබෙන  නමුත්  මණ්ඩලය සතු කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා ඉඩම්   විකුණා හෝ ලීසිං පදනම මත ලබාදී මණ්ඩලයට ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඔහු එහිදී පැවසීය.

Exit mobile version