ජලාශවල වාන් දොරටු විවෘත වේ…

වාන් දමන ලක්ෂපාන ජලාශය...

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල වාන් දොරටු ඊයේ (01) දින දහවල්  සිට විවෘත කර  ඇතැයි එම ජලාශ භාර ඉංජිනේරු කීහ.

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව ඔවුහු පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජලාශ දෙකේම වාන් දොරටු විවෘත කර ඇති නිසා කැළණි ගගේ ජල මට්ටම සිඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන්  ප්‍රකාශ කළේය.

Exit mobile version