ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි… පන්දු ඕවර 18ක දී ලකුණු 103කට ශ්‍රී ලංකාව දැවී යයි!

දකුණු අප්‍රිකානු දඟපන්දු යන්නෝ ශ්‍රී ලංකා ඉනිම මුලුමනින්ම බිඳ හෙලූහ.    කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට  පන්දු ඕවර 20 ක්‍රීඩා කරගත නොහැකිවිය.  පනුදු ඕවර 18යි එක් පන්දුවක දී  ලකුණු 103කට දැවී ගියේය.

යළිත් දක්නට ලැබුනේ අතිශය දුර්වල පිතිකරණයක් බව කිය යුතුව ඇත. දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෝ මුලුමනින්ම තරගය අත්පත් කරගත්හ.

ඉනිම ආරම්භ කළේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරාය. පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 5කට දැවී ගියේය. අනතුරුව වේගවත් පිතිකරණයක යෙදුනු භානුක රාජපක්ෂ පන්දු 13කදී ලකුණු 20ක් ලබා සිටිය දී  ඒඩ්න් මැක්‍රම්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් දී භානුක දැවී ගියේය.


තුන්වන කඩුල්ල ලෙස ලකුණු  59 දී    ධනංජය ද සිල්වා ලකුණු 4කට දැවී ගියේය. ඔහු    ටබ්‍රයිස් ෂම්සිට මුලුමනින්ම පරාජය වූයේය. කඩුළු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ඔහු ස්ටම්ප් කිරීමකට හසු කරගත්තේය.

අනතුරුව පිටියට පැමිණියේ දසුන් ශානකය. දසුන් ශානක පන්දු 8ක දී ලකුණු 10ක් ලබා ගත්තේය. ටබ්‍රයිස් ෂම්සිට දැවැන්ත හයේ පහරක් එල්ල කළ පසු ඊලඟ පන්දුවෙන් ෂම්සි ඔහුව ගොදුරු කර ගත්තේය.   කෙලින්ම පන්දුව   පා ඉන්නේ දැවටුනේය. ලකුණු 71කට කඩුළු 4ක් ලෙස සටහන් විය.

කඩුළු පෙරහර ඇරඹිනි.

අනතුරුව පිටියට පැමිණියේ චරිත් අසලංකය. ඒ සමගම පන්දු 25ක දී ලකුණු 30ක් රැස්කළ කුසල් ජනිත් පෙරේරා දැවී ගියේය.  ඒ එඩ්න් මැක්‍රම් ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ගොදුරු විය.  ලකුණු 78 කඩුලු 5ක් සටහන් වූයේය.  වනිඳු හසරංග පිටියට පැමිණියේය.  දඟපන්දු යවන්නෝ මුලුමනින්ම තරගය පාලනය කරමින් සිටියහ.

වනිඳු හසරංග  ලකුණු 4කට දැවී යන විට ලකුණු 86ට කඩුළු 06ක් දැවී ගොස් තිබිණි. බ්ජොන් ෆෝටුන් ගේ ඉදිරියේ හසරංග මුලුමනින්ව පරාජය විය. වම් ඉන්න ගැලවී ගියේය.  චාමික කරුණාරත් පන්දුවට පහර දුන් අවස්ථාවේ සිට  මුහුණ දුන්නේ පීඩනයෙනි. ෂම්සිගේ පන්දුවක් පිත්තේ දැවටී ඔහුගේ පා ඉන්න බිඳ දැම්මේය.  ඒ වනවිට ලකුණු 100ට කඩුලු 7කි.  ඉතිරි කඩුළු 03 ලකුණු 03කට දැවී ගියේය. ෂ්මන්ත චමීර සම්පූර්ණයෙන්ම  ෆෝටුන්ට පැරදුනේය. ලකුණු 103 දී 8 වැනි කඩුල්ල බිඳ වැටුනේය.  17 වැනි ඕවරය ආරම්භක පන්දුවේ දී චරිත් අසලංක බාග පරහරක් එල්ල කර පන්දු යැවූ මැක්‍රම් අතට  ඉතා පහසු උඩපන්දුවක් දී දැවී ගියේය. ඒ පන්දු 20කට මුහුණ දී ලකුණු 14ක් පමණක් ලබමිනි. අවසන් කඩුල්ල ලෙස මහේෂ් තීක්ෂණ ලකුණු නොලබා දැවී ගියේය.

මනරම් පන්දු යැවීමක නිරත වූ ෂම්සි පන්දු ඕවර 4 තුළ ලකුණු 20ක් ලබා දෙමින් කඩුලු 03ක් දවා ගත්තේය. ෂම්සිට, මැක්‍රම්ට සහ ෆෝටියුන්ට පිතිකරුවන් පහර දුන්නේ මුලුමනින්ම අන්දමන්ද වෙමිනි.    ෆෝටියුන් පන්දු ඕවර 4ක දී ලකුණු 12කට කඩුළු 02ක් දවා ගත්තේය. ඒඩන් මැක්‍රම්  පන්දු ඕවර හතරක් යවා  ලකුණු 21කට කඩුලු තුනක් බිඳ හෙළුවේය. එන්රිච් නොට්ජේ පන්දු ඕවර දෙකක් යවා ලකුණු 8කට කඩුල්ලක් දවා ගත්තේය. කෂේව් මහරාජ් පන්දු ඕවර 2යි පන්දුවකදී ලකුණු 10කට කඩුල්ලක් දවා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය මවු රටේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ අතිශය අසීරු අඩියකය. දැන් ආශ්චර්යමත් පන්දු යැවීමක් අවශ්‍යය.

Exit mobile version