ජමාතේ ඉස්ලාම් හිටපු නායක අජ්බුල් අක්බාර් යළි අත්අඩංගුවට

මෙරට තරුණයන් විදේශගත කර අන්තවාදී පුහුණුව ලබාදුන් බවට චෝදනා ලබා සිටි ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති සහ නායකයා වන අජ්බුල් අක්බාර් යළි ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 60 හැවිරිදි පුද්ගලයකු වන අතර මාවනැල්ලේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අජ්බුල් අක්බාර් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති දෙකකට පසුව ද අත්අඩංගුවට ගැනුණු අතර ඔහු සම්බන්ධයෙන් පාස්කු විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ ද තොරතුරු රැසක් සඳහන් වන බව වාර්තා වේ.


අන්තවාදී ක්‍රියාවලට මුලපිරූ බවට සැළකෙන වනාතවිල්ලුව අවි ගබඩාවක් පවත්වාගැනීම සහ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ මාවනැල්ලේ සාදික් ත්‍රස්ත සහෝදරයන් දෙදෙනාගේ මහප්පා වන අජ්බුල් අක්බාර් මෙරට තරුණයන් තුර්කිය වැනි රටවලට යවා අන්තවාදී අදහස් කාවැද්දීම සහ ඔවුන්ට පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් මූලිකව ක්‍රියා කළ අයකු බව සැළකේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුල් වතාවේ අත්අඩංගුවට ගෙන රැඳවූම් නියෝග මත තබා විමර්ශන කළ ඇප මත නිදහස් කර සිටින ඔහු මෙසේ අද යළි අත්අඩංගුවට ගැනිණි.

Exit mobile version