ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

jammu kashmir farmers

නවීන තාක්ෂණය හා පර්යේෂණ සමඟ සම්බන්ධ වෙමින් ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ගොවීන්ගේ අස්වැන්න වැඩි කිරීම සඳහා නව ක්‍රම සකස් කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙහිදී කෘෂිකර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීම සඳහා ගොවීන්, විද්‍යාඥයින් හා ඒ ඒ ආශ්‍රීත අංශවල නිළධාරීන් එක්ව කටයුතු කරගෙන යති.

ගොවීන්, පළතුරු වතු හිමියන්, සත්ත්ව පාලනය හා ධීවර කර්මාන්තයෙන් යැපෙන ජනතාවගේ ආදායම දෙගුණ කිරීමේ අරමුණින් ඒ ක්ෂේත්‍රවලට අදාළ දෙපාර්තමේන්තු සියල්ල ඒකාබද්ධ කොට අංග සම්පූර්ණ කෘෂිකාර්මික නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීමට රජය කටයුතු කර තිබේ. ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ජනගහණයෙන් සීයට 70ක් පමණ මෙම අංශ මත යැපෙන බැවින් ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීමේ ක්‍රමයක් තිබිය යුතුම යැයි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මෙහිදී නිෂ්පාදනයන් වැඩි කිරීම සඳහා කෘතිම බුද්ධි, පරිගණක විද්‍යාව හ නව නිෂ්පාදන යොදාගෙන ඇති අතර ඒවා මඟින් ගොවීන්ට කාලගුණයේ හැසිරීම සොයා ගැනීමට, බෝග හා පාංශූවල තත්ත්වය සම්බන්ධනේ තක්සේරු කිරීමට උදව් ලබා දේ.


නිෂ්පාදන වැඩිකිරීමෙන් ඔබ්බට කටයුතු කරන අංශ ප්‍රධානින් සන්නාමකරණය, අලෙවිකරණය හා ඇසුරුම්කරණය යන ක්‍රියාවලින් කෙරෙහි ද ගොවීන්ගේ අවදානය යොමු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසර 70ක පමණ කාලයක් සාම්ප්‍රදායික ගොවිතැනෙහි නියැලුණු ගොවීන් මෙම අලුත් වෙනසින් බොහෝ සේ ප්‍රීතියට පත්ව සිටිති.

Exit mobile version