“ජ’පුරෙන් දෙන පොසිටිව් කොරෝනා වාර්තා නෙගටිව් කරන්න කියන්නේ ඇයි?”

රනිල් අසයි

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකය මගින් කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන ලද පි.සී.ආර් පරික්ෂණවලින් කොරෝනා තිබෙන බවට තහවුරු කර ගැනිමෙන් පසු ඒ අයගේ නාම ලේඛණය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන් වූ පසු ඔවුන්ට කොරෝනා නොමැති බවට සටහන් කරන්නැයි අමාත්‍යංශයෙන් යලි දැන්වීම විශාල ප්‍රශ්නයක් බවත් මේ වනවිට ජයවර්ධනපුර ඩෙංගු පර්යේෂණ අංශය සිදු කළ කොවිඩ් 19 පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඉවත් කර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

තමන් සහ බිරිද මෛත්‍රීද පසුගිය අප්‍රි‍යෙල් මාසයේදී පී.සි.ආර් පරික්ෂණ සිදු කළේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් බවත් එම ඒකකය මගින් සිදු කරන පරික්ෂණ ගැන තමන්ට විශ්වාසයක් පවතින බවත් පැවසූ එ.ජාප නායකයා විශ්ව විද්‍යාල භාර ඇතැමි බන්දුල ද බොරු නොකරන බව සඳහන් කළේ කෑගල්ලේ පැවැති ජන රැලියකට ඊයේ සහභාගී වෙමිනි.

ඔහු මේ ජයවර්ධනපුර පී.සී.ආර් පරීක්ෂණ නොමැති බව තවත් මැතිවරණ රැළි කිහිපයකදීම සඳහන් කොට තිබුණි.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා “ මෙහි ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් වුණේ පසුගියදා කොළඹ ජින්තුපිටියෙන් රෝගින් පිරිසක් කැඳවා ඒ අයගේ පීසිආර් පරික්ෂණ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ සිදුකළා. ඒ අතරින් එක් අයෙකුට කොරෝනා ඇති බව තහවුරු වුණා. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා තිබෙනවා.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔහුට කොරෝනා නැති බව සටහන් කර එවන ලෙස විශ්ව විද්‍යාලයට දැනුම් දුන්නා. ඒ බලපෑමට විශ්ව විද්‍යාලය යටත් වුණේ නැහැ. ඒ බොරුව තමන්ට කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා තිබෙනවා. මාගේ මේ ප‍්‍රකාශය වැරදි නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් සත්‍ය රටට ප‍්‍රකාශ කළ යුතුයි.

මේ සම්බන්ධව ජයවර්ධනපුර විශ්ව විද්‍යායට කියා සිටින්නේ කොරෝනා තිබෙන බව තහවුරු විමෙන් පසු ඒ අයට කොරෝනා නැහැ කියා සටහන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප‍්‍රකාශ කරන බවයි. මෙය විශාල ප‍්‍රශ්නයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා පරික්‍ෂණ වලින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉවත් කරනවා නම් ඒ පරික්ෂණ සිදු කරන්නේ කොතනදැයි ප‍්‍රකාශ කළ යුතුයි. එමෙන්ම පි.සි.ආර් පරික්ෂණ සදහා යන්ත‍්‍ර කොපමණ සංඛ්‍යාවක් මෙරටට ගෙනවිත් තිබෙනවාද කියා ආණ්ඩුව ප‍්‍රකාශ කළ යුතුයි.

ලෝකයේ වෙනත් රටවල් තමන්ට තිබෙන කොරෝනා පරික්ෂණාගාර සංඛ්‍යාව වැඩි කරනවා. ලංකාවේ තිබෙන එකත් වහන්න කියනවා. ලොව බොහෝ රටවල් කොරෝනා පී.සි.ආර් පරික්ෂණාගාර එම රටවල ආණ්ඩුව යටතේ තබාගන්න උත්සාහ ගන්නවා.

නමුත් අවාසනාවකට මෙය ලංකාවේ පමණක් ඒ පරික්ෂණාගාර රජයේ පාලනයෙන් ඉවත් කරන්න උත්සාහ ගන්නවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව කොරෝනා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය රටට ඉදිරිපත් කරන දත්ත පිළිගත හැකි ද කියා අද විශාල ප‍්‍රශ්නයක් මතුව තිබෙනවාග. රජය මේ ගැන ගැන සත්‍ය ප‍්‍රකාශ කළ යුතුය.

Exit mobile version