ජපන් රැකියා සඳහා කුසලතා පරීක්ෂණ ලබන ජනවාරියේ ඇරඹෙයි….

ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා හෙද සාත්තු සේවා සහ ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා (Nursing Care Worker & Food Service Industry) SSW කුසලතා පරික්ෂණය පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ඒ සඳහා විභාගය/ කුසලතා පරික්ෂණය පැවැත්වීමේ කාලය – 2022 ජනවාරි/ පෙබරවාරි බවත් විභාගයේ ස්වභාවය  බහුවරණ ප්‍රශ්න පත්‍ර (පරිගණක පදනම්ව CBT) බවද නිවේදනයේ දැක්වේ.

වැඩිදුර විස්තර මෙසේ සංක්ෂිප්ත කර තිබේ.


විභාග ගාස්තු                   – වෙබ් අඩවියේ අන්තර්ගතව ඇත.

විභාග මාධ්‍ය                   – ජපන් භාෂා විභාගය (Japanese Foundation Test – JFT)

වෘත්තිය කුසලතා පරික්ෂණය (ජපන් භාෂාවෙන් පවත්වනු ලැබේ)

විභාග මධ්‍යස්ථාන  අයදුම්පත් කැඳවන දිනය  පසුව දැනුම් දෙනු ලබන බව විදේශසේවා නියුක්ති කාර්යාංශය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විභාගය පිළිබඳ වැඩි විස්තර   – www.slbfe.lk හි SSW ද්වාරය මගින් ලබාගත හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

Exit mobile version