ජිනීවා මානව හිමිකම් සමුලුව ගැන දෙමළ දේශපාලකයෝ කලකිරෙති…

දෙමළ ජනතාවගේ අපේක්ෂා සුන් වුනා.... සුමන්තිරන් කියයි...

දිනසේන රතුගමගේ –

ජිනීවා මනව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව තදින් කටයුතු කරණු ඇති බවට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තබා තිබූ විස්වාසය මේ වන විට  පහව ගොස් ඇති තත්ත්වයක් උද්ගත වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබුණේද  ජිනීවා මානව හිමිකම් කමිටුවේ පලමු වාර්තාව කිසිදු බල රහිත ප්‍රකාශනයක් බවයි. ඉන් දෙමළ ජනතාව අපේක්ෂා කළ මට්ටමේ කාර්යයක් ඉටු නොවන බවද ඔහු ප්‍රකාශ කොට තිබේ.

මේ අතරවාරයේ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයකම නියෝජිතයෝ පවසා සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් 46 වෙනි මානව හිමිකම් කමිටු  සැසියට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අදහස් දක්විමෙන් පසුව බලාපොරොත්තු වූවාට වඩා  වැඩි වාසියක්  ශ්‍රී ලංකාව කෙරෙහි මානව හිමිකම් කමිටුවෙන් ලැබිය හැකි බවයි.


මෙතෙක් එම කමිටුව විසින් නිර්දේශ කොට තිබූ දේ කෙරෙහි යළි අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නැති බවත් දෙමළ දේශපාලන පක්ෂ වල නව යෝජනා කෙරෙහි එතරම් සැලකිල්ලක්  ජගත් මානව හිමිකම් කමිටුව නොදක්වන බවත් පෙනී යන්නේ යැයි අදහස්  මේ සම්බන්ධයෙන් දැක් වූ  උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයකම නියෝජිතයෝ කියා සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වසංගත තත්ත්වයේ අනුකම්පාව ජගත් මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකා රජයට ලබා දෙන අන්දමක් මෙවර සැසි වාරයෙන් පෙනෙන්නට ඇතැයිද දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියා සිටියහ.

Exit mobile version