ජනාධිපති හා උතුරේ පක්ෂ අතර සාකච්ඡා ඉතා සාර්ථකයි -පා.ම. ධර්මලිංගම් සිද්ධාර්ථන්

ජනාධිපතිවරයා හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡා ඉතා ඵලදායී මට්ටමක පැවති බවත් ඉදිරි දිනවල පැවැත්වෙන සාකච්ඡාවලදී දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට හැකි වෙතැයි දෙමළ දේශපාලනඥයන් විශ්වාස කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පැවසීය.

දෙමළ දේශපාලන පක්ෂ හතක නායකයන් හා ජනාධිපතිවරයා අතර කොළඹදී සාකච්ඡාවක් 11 දා ආරම්භ වූ අතර එම සකච්ඡාවන් දින තුනක් පුරා පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා කියා සිටියේ පළමු දීනයේ පැවති සාකච්ඡාවේදී දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය උතුරේ ඉඩම් ප්‍රශ්නය ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත පිළිබඳ ජනාධිපතිවරයා සමඟ ඉතා දීර්ග වශයෙන් කරුණු සාකච්ඡා කළ බවයි.

ඊට අමතරව උතුරු නැගෙනහිර ජනතාව ආගමික ස්ථාන සම්බන්ධයෙන් මුහුණ පා සිටින ගැටලු සහගත තත්ත්වයත්, වර්තමානයේ ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සදහන් කළේය.


පසුවට පැවැත්වෙන සාකච්ඡාවලදී උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් වන කරුණු හා සෙසු දේශපලන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කී සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා මෙම සාකච්ඡාවලින් දෙමළ ජනතාවට විශාල සහනයක් හා දේශපලන ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගෑනීමට හැකියාව ලැබෙනු ඇතයි දෙමළ දේශපාලන නායකයෝ විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව පැවැත්වෙන සාකච්ඡාවලින් ලැබෙන තීන්දු හා තීරණ දෙමළ ප්‍රශ්නය විසදීම සදහ ඉතා තීරණාත්මක විසදුම් වන බවට ඔවුන් විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version