ජනාධිපති හමුවෙන් ලේක්හවුස් ප්‍රධාන කර්තෘවරුන් හතර දෙනාම හැලෙයි !

පසුගිය සඳුදා ජනාධිපති මන්දිරයේදී පැවති පුවත්පත් කර්තෘවරුන් ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් පැවති ප්‍රිය සම්භාෂණයට රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය ආයතන‍ෙවන ලේක් හවුස් ආයතනයේ ප්‍රධානතම පුවත්පත් හතරේ කතුවරුන්ට ආරාධනය කර කර නොමැති බව වාර්තා වේ.

ඔවුන් ගේ නොපැමිණීම සෙසු පුවත්පත් කර්තෘවරුන්ටද ගැටලුවක් වී ඇති අතර මේ පිළිබඳව ඔවුන් අදාළ සංවිධාකයන්ගෙන් පෞද්ගලික මට්ටමින් කළ විමසීම්වලදී නිසි පිළිතුරක් නොලැබුණු බවද මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   වසර අවසානය වෙනුවෙන්  පැවැත්වූ මෙම මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට මෙරට සියලුම මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වී සිටියේය.   අතර එහිදී  ජනාධිතිවරයා දීර්ඝ අදහස් දැක්වීමක්ද සිදු කළේය. එහෙත් රජයේ එකම මුද්‍රිත මාධ්‍ය ආයතනයවන ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පුවත්පත්වල කතුවරුන් වන  වන සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න, දිනමිණ කර්තෘ ගාමිණි ජයලත්,  ඩේලි නිව්ස් කර්තෘ ප්‍රමෝද් ද සිල්වා සහ සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ දිනේෂ් වීරවංශ  යන කර්තෘවරුන්ට ආරාධනය කර නැති අතර දමිළ පුවත්පතවන තිනකරන් පුවත්පතේ කර්තෘ සෙන්දිල් වේලවර්ට   සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්ට පමණක් ඊට ආරාධනය කර ඇත.


දමිල පුවත්පතේ කර්තෘවරයා පමණක් එසේ සහභාගී වීමත් සෙසු කර්තෘවරුන් හිතාමතා මෙයට සහභාගී කර නොගැනීමේත් පදනම කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම විශේෂයෙන් ලේක්හවුස් ආයතනය තුළ කතාබහට ලක්ව ඇති අතර රජය වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටි කතුවරුන්ද මේ අතර සිටින බැවින් රජයට පක්ෂපාත වෘත්තිය සමිති නියොජිතයන්   පවා මේ පිළිබඳව යම් අප්‍රසාදයක් පළවී ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මේ පිළිබඳව විමසීමට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි   සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. 

Exit mobile version