ජනාධිපති සමාවෙන් එළියට එන රන්ජන් එජාපය සමග දෙශපාලන ගමනකට සූදානම්!

ජනාධිපති සමාව යටතේ නිදහස්වන සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රමානයක එක්සත් ජාතික පක්ෂයෙන් යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රන්ජන් රාමනායකගේ නිදහස වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන ඇමතිවරු දැඩි වෙහෙසක්ගෙන කටයුතු කළ අතර ඔවුන් සමග එක්ව එන්ජන් නව දේශපාලන ගමනක් ඇරඹීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ අනුව ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන රැස්වීම්වලට හා ගමින් ගමට ගොස් ජනතාව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරවලට එක් වීමටත්, මීලඟ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දයට ඉල්ලීමටත් සැලසුම් කර ඇතැයි අනාවරණය වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රන්ජන් රමානයක සමග සමගි ජනබලවේගයේ ප්‍රධාන පිරිසක් නුදුරේදීම එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.


Exit mobile version