ජනාධිපති මන්දිරයේ පිත්තල බෝල 40ක් සොරකම් කළ තුන්දෙනෙක් අත්අඩංගුවට!

පසුගිය ජුලි 9 වැනිදා විරෝධතාවයක් අතරතුර කොටුව ජනාධිපති මන්දිරයට කඩා වැදුණු පුද්ගලයන් තිදෙනෙකු ජනෙල් තිර එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබූ රන් ආලේපිත පිත්තල බෝල  40ක් සොරකම් කොට කෞතුක වසතු ලෙස අලෙවි කිරීමට සූදානම්ව සිටිවදී පොලිසිය විසින් අත්අඩංගුවට නු ලැබ ඇත.

වැලිකඩ පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ලෙන ඇත්තේ රාජගිරියේ ඔබේසේකරපුර පදිංචි වයස අවුරුදු 28, 34 සහ 37 යන වයස්වල පසුවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකි.

ජුලි 9 වැනිදා විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ පාලනය සියතට ගැනීමත් සමඟ එහි තිබූ භාණ්ඩ රැසක් සොරකම් කිරීමත් සමඟ පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා  එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ (උතුර) අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.


Exit mobile version