ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා ජනතාවගෙන් බේරිල්ලක් නෑ ලු… විජේදාස රාජපක්ෂ ජනතා හඬට කන් දෙන්න ලෑස්ති වෙයි!

ජනාධිපති ධූරය සඳහා තරග කරන ලෙස ජනතාවගෙන් මෙන්ම  මහා සංඝ රත්නය ඇතුළු සියලුම පූජක පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

මේ ජනතා ඉල්ලීමට ඇහුමකන් දීමට තමා කල්පනා කර ඇති බවත් ඒ සම්බන්ධව තීන්දුව ඉදිරි සති කීපය තුළ ප්‍රකාශ කරන බවත් ඔහු කියයි.

අමාත්‍යවරයා අද මාධ්‍යයට කී කතාව මෙසේය.

“මගෙන් ඉල්ලීම් කරලා තියෙනවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙක් ආගම්වල නායක තුමන්ලා ඒ ඉල්ලීමම කරලා තියෙනවා. ඒ පිළිබඳ තවදුරටත් කල්පනා කරලා මම ඉදිරි සති කිහිපය තුළ තීන්දුවක් ගන්න ඉන්නේ.”


“ඒ කියන්නේ ඔබතුමා කුමණ පක්ෂයෙන්ද ? නැත්නම් ස්වාධීන වශයෙන්ද ?  “   මාධ්‍යවේදියෙක් විමසුවේය. විජේදාස රාජපක්ෂ මෙසේ පිළිතුරු දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අද අපේ රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණය බොහොම වෙනස් මැතිවරණයක්, ඒ වගේම තීරණාක්මක මැතිවරණයක්. පක්ෂය බලලා ඡන්දය දෙන ඡන්දදායකයෝ ඉදිරියේදී නෑ. ඉදිරිපත්වන පුද්ගලයා අනුව තමයි ඡන්දය දීමට ජනතාව කල්පනා කරන්නේ.”

Exit mobile version