ජනාධිපතිවරණයකට බියෙන් සජබ පොහොට්ටුව එක්ව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අත්සන් 113ක් සෙවීමේ මෙහෙයුමක…

parliament of sri lanka

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ බහුතරකගේ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් මේ වනවිට ආරම්භකර ඇතැයි වාර්තා වේ.  

ආණ්ඩුව නියෝජනය කරන බැසිල් රාජපක්ෂගේ පාර්ශවය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය මෙම ව්‍යාපාරය දියත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයකට මුහුණ දෙනවාට වඩා පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දීමෙන් දෙපාර්ශවයේම අපේක්ෂා ඉටුකරගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය වී ඇතැයි ඉහත ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඒ ගැන තවම තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අනුව ලබන නොවැම්බර් 18 වැනිදා වනවිට වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන අතර ඊට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව ආණ්ඩු පක්ෂයේ බැසිල් පාර්ශවයේ   අදහස වී තිබුණ ද ඔවුන් ඍජුවම පෙනී සිටින්නේ නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බව ඉහත මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Exit mobile version