ජනවාරියේදී ඉන්ධන අර්බුදයක් ! ගම්මන්පිල ප්‍රශ්නය බැසිල්ගේ ඇඟේ ගහයි

රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව ලබා දිය හැක්කේ මෙම වසර අවසානය වන තෙක් පමණක් බවත් මුදල් අමාත්‍යංශය නිසි පිළියමක් ලබා නොදුනහොත් ජනවාරි මාසයේ සිට ඉන්ධන සැපයුම අර්බුදයකට පත් විය හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල   මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ම වෙත දැනුම් දී ඇත.

ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දෙන අර්බුදය නොවිසඳුවහොත් ජනවාරි මාසයෙන් පසුව ඉන්ධන ගෙන්වීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති  බව අමාත්‍ය ගම්මන්පිල මේ අනුව සඳහන් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත  පවසා ඇත. පසුගිය මාස නවය සැලකීමේදී ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 83ක අලාභයක් ලබා ඇති අතර මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් පෙර නොවූ විරූ ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභය බිලියන 120ක තරම් පෙර නොවූ විරූ අගයක් දක්වා ඉහළ යා හැකි  බවද අමාත්‍ය ගම්මන්පිල සඳහන් කර ඇත.

පසුගිය ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ දැඩි ලෙස පහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මෙම සතිය අවසානය වනවිට ඩොලර් 85ක පමණ අගයකට ඉහළ ගිය අතර බලශක්ති වෙළෙඳපොළ විශේෂඥයන් පුරෝකතනය කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ මෙම මිල තවදුරටත් ඉහළ යා හැකි  බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බලශක්ති අමාතයවරයා මෙනම් විදේශ අමාත්‍යංශයද දිගු කාලීන ණය පහසුකම් මත ඉන්දන ලබා ගැනීම පිළිබඳව මැද පෙරදිග රටවල කිහියකින් ඉල්ලීම් කළද ඒ සඳහා සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නැති බව සඳහන් වෙයි.  

 

Exit mobile version