ජනවාරියෙන් පසු ඉන්ධන ගන්න  වැඩපිළිවෙළක්  තවමත් නෑ… ආණ්ඩුව වටේ යයි!  

ජනවාරි මාසයෙන් පසුව ඛනිජ ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් තවමත් ශ්‍රි ලංකාව විවිධ රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින අතර මෙම තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළකට එලඹ නැති බව වාර්තා වේ.

දැනට රටේ පවතින උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමේදී දීර්ඝ කාලීන ණය සහන ලබා ගැනීමට සිදුව ඇති අතර මෙතෙක් සාකච්ඡා පැවැත්වූ රටවල්   සමඟ නිශ්චිත එකඟතාවයකට එලඹීමට නොහැකි වී ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල   බලශක්තිය සම්බන්ධ විදේශ සමුළුවකට ගිය අවස්ථාවේදී  ඕමාන රජය සමඟ ඉන්ධන  දීර්ඝ කාලීන ණය පදනමක් මත ලබා ගැනීම සඳහා සාකච්ඡා කර ඇති අතර අමාත්‍යවරයා බලාපොරොත්තු වී ඇත්තේ ඩොලර් බිලියන 3.6ක ඉන්ධන ලබා ගැනීමට ය.


ශ්‍රි ලංකාව මෙම ණය ගෙවීම සඳහා වසර   5 ක සහන කාලයක් සමඟ වසර  20ක කාලයක් බලාපොරොත්තු වූයේය.

එසේ වුවද මෙම ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයට එලඹ නැති අතර ශ්‍රි ලංකා විදේශ අමාත්‍යවරයා සවුදි අරාබියෙන් ද  ණය සහන පදනම මත ඛනිජ තෙල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. එයටද එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැත.

අද සන්ඩේ ටයිම්ස් පුවත් පත වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල   පවසා ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් මත දීර්ඝ කාලීන සහනය ක්‍රමයකට චීනයෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳවද අවධානය යොමු කර ඇති බවය. චීනයේ “පෙට්‍රෝ චයිනා“ සමාගමෙන් ඊළඟ මාස හයක් සඳහා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය ගම්මන්පිල මේ වනවිට ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා මඟ සාකච්ඡා කරමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.

මීට අමතරව ඉන්දියාවෙන්ද ඇමෙරිකානු ඩොලර් මිලියන  500ක ණය සහනයක් මත ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමකට එලඹීම සඳහා ශ්‍රි ලංකාවට යෝජනා කර ඇති අතර මේ සම්බන්ධයෙන්වන මූලික සාකච්ඡා මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ සිදු කිරීමට නියමිත බවද මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට වාර්තා වන ආකාරයට සැපයුම් ගිවිසුම්වලට අනුකූලව ඉන්ධන  සැපයුම සඳහා ගිවිසුම් ඇත්තේ ලබන ජනවාරි මාසය තෙක් පමණි.

Exit mobile version