ජනවරමක් නැති ආණ්ඩුවකට   IMF උදව් කිරීම වැරදියි… ප්‍රධාන විපක්ෂයෙන් චෝදනාවක්!

සුජිත් හේවාජුලිගේ ‍-

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එවැනි ආණ්ඩුවකට උදව් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික වශයෙන් වැරැද්දක් කළ බවද ඔහු පෙන්වා දෙයි.

උදව් කරන්නේ රාජ්‍ය ආයතන  ප්‍රතිසංස්කරණය කිරීමේ  හැකියාව සහිත  ජනවරමක් සහිත ආණ්ඩුවකට බව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා ඒ  අනුව ආණ්ඩුව මැතිවරණයක් පවත්වා   නව ජනවරමක් ලබා ගැනීමට කටයුතු කරාවි යැයි  රටම බලාපොරොත්තු වූ බවද   සඳහන් කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය  ඉඩම් අක්කර ලක්ෂ පහක් සමාගම්වලට දුන්නේ ජනවරමක් ලබා ගැනීමෙන් පසුව බවත්  ඒ කටයුත්ත කිරීමට ඇයට  පැහැදිලි නිත්‍යානුකූල ජනවරමක් තිබූ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල   පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්තමාන ආණ්ඩුව ජනවරමක් නොමැතිව රාජ්‍ය ආයතන විකිණීමෙන් සේවකයන් අතර නොසන්සුන්තා ඇතිවී රට ලේ විලක් බවට පත්විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

 

Exit mobile version