ජනරාල් ශවේන්ද්‍රට බ්‍රිතාන්‍යයෙන් තහනමක් ?.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුධ හමුදා නිලධාරීන් කිහිප දෙනකුට බ්‍රිතාන්‍යය තුළ සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙවලම් කිහිපයක් භාවිත කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වෙයි.

මේ පිළිබඳව පවතින සූදානම පිළිබඳව බ්‍රිතාන්‍යයෙන්  විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලය පිළිබඳ අමාත්‍ය ජෙසී නෝමන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් සොයා බලන අතර මෙම යුද හමුදා නිලධාරීන්ට එරෙහිව බ්‍රිතාන්‍යයේ සංචාර තහනමක් පැනවීම ඇතුළු තවත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලම් භාවිත කිරීම් හැකියාව පිළිබඳව එරට රජය මේ වනවිට සලකා බලමින් සිටින බවය.

බ්‍රිතාන්‍ය රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන නෝමන් හිටපු මුදල් අමාත්‍යවරයා වන අතර එලිසබෙත් ට්‍රස් අගමැතිවරිය ලෙස පසුගියදා පත්වීමෙන් පසුව ඇය විසින් එතෙක් දරන ලද අමාත්‍ය ධුරයට   කෙරිණි.

මෙම ඇමතිවරයා තවදුරටත් පවසා ඇත්තේ ගෝලීය මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ඒවා කඩ කරන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉතා ශක්ති සම්පන්න යාන්ත්‍රණයක් බ්‍රිතාන්‍යය සතු වන බවයි.


මේ මඟින් ලෝකයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය මගපෙන්වීම් සේම මානව හිමිකම් කඩ කර ඇති බවට තහවුරු වන සාක්ෂි සහිත අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීම ඇතුළු පියවර ගැනීමට හැකියාවක් පවතින බව ද පවසා ඇත.

කෙසේ වුවද තවමත් මේ පිළිබඳව පුරෝකථනය කළ නොහැකි බව බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීමට අදාළව ගන්නා පියවර සහ ශ්‍රි ලංකාවේ හිටපු යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් ඉලක්ක කර එරට කම්කරු පක්ෂයේ මන්ත්‍රිවරියක වන බෙත් වින්ටර් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශවේන්ද්‍ර සිල්වා  එරෙහිව මීට පෙරද යුධ අපරාධ සහ මානව හිමිකම් සම්බන්ධ චෝදනා එල්ල කරමින් ඔහු ට විරුද්ධව ක්‍රියා කිරීමට දෙමළ ඩයස්පෝරාවේ බලපෑම සහ ඉල්ලීම් මත බ්‍රිතාන්‍ය දේශපාලකයන් කටයුතු කර තිබුණි.

Exit mobile version