ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍ර සී.අයි.ඩී යට ….

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නෙළුම්පොකුණ සිද්ධිය දවස්වල කීර්ති රත්නායක එක්ක කතා කළ නිසා CID ගෙන්වලා....

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍ර සී.අයි.ඩී. යට කැඳවා තිබේ.

කිර්ති රත්නාය නම් මාධ්‍යවේදියා  හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා තමන් සී.අයි.ඩී ය වෙත කැඳවූ බව ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් දීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වලට ප්‍රකාශ කළේ තමන් මේ පුද්ගලයා ගැන පුද්ගලිකව කිසිත් නොදන්නා බවය.


ශ්‍රී ලංකා විවාහක රූ රැජන තේරීමේ තරගය නෙළුම්පොකුණේ පැවති අවස්ථාවේ දී ඇතිවූ සිද්ධිය පිළිබඳ දැන ගැනීමට ඔහු තමන් සමග දුරකථනයෙන් කතා කළ බව බවත් එපමණකින් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම විහිලුවක් බවත් ඇය කීවාය.

කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනය කර පල කළ ලිපියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ වනවිට ඔහු ඉන්නේ අත්අඩංගුවේය.

තමන් සී.අයි.ඩි ය වෙත කැඳවීම පිළිබඳ අදහස් දක්වමින් චූලා පත්මේන්ද්‍ර වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළාය.

“ නෙළුම් පොකුණ සිද්ධිය වෙච්චි වකවානුවෙ දි ජර්නලිස්ට්ලා   මට ඇතිවෙන්න කතා කළා. කීර්ති රත්නායක කියන ජර්නලිස්ට් ඉන් එක්කෙනෙක් විතරයි. ඔහු කලුද සුදුද කියලවත් මා දන්නෙ නෑ.  මීඩියා එකකින් කියලා කතා කළාම අපි කතා කරනවා. ඒ වකවානුවේ අපේ පැත්තෙන් තිබුණ ඇත්ත එළියට ගියෙ අඩුවෙන්. ඒ නිසා හැම ජර්නලිස්ට් කෙනෙක් එක්කම කතා කළා. ජාත්‍යාන්තර මාධ්‍යත් අපට කතා කලා.   “

ආදරණීය ජනාධිපති තුමාට අපි කියන්න ඕනෙ. අපිත් මහන්සිවුනා ඔබතුමාව බලයට ගේන්න. පහුගිය දවස්වල අපි ගොඩක් දේවල් දැක්කා. අපට යම් යම් පුද්ගලයන්ගෙ නම් ඇහුණා. නමුත් ඒ අය සී.අයි.ඩී යනවා අපි දැක්කේ නෑ. මම සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය ගැහැණියක්. මාධ්‍යවේදියෙක් එක්ක කතා කළා කියලා අපිව මෙහෙම සී.අයි.ඩී ගේනවා කියන්නෙ ඒක විහිලුවක්.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇයගේ ප්‍රකාශය පහත දැක්වේ.

Exit mobile version