ජනපති හා පොහොට්ටුව අතර මත ගැටුම එළියට… ජනපති පුද්ගලීකරණ තීන්දු ගන්නේ තමන් නොවිමසා බව පොහොට්ටුවෙන් චෝදනා…

Basil-Ranil

ජනාධිපතිවරයා  රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම සම්බන්ධව තීන්දු ගන්නේ ස්වකීය අභිමතය පරිදි බව පොදුජන එක්සත් පෙරමුණ  පවසයි.

පෙරේදා සිය අය-වැය කතාව කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂත් ප්‍රකාශ කළේ ලාභ ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම සම්බන්ධව පොදුජන පෙරමුණේ එකඟතාවයක් නැති බවය.  ඊයේ ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා තමන්ගේ පුද්ගලීකරණ ප්‍රතිපත්තියට එරෙහිව අවශ්‍යනම් විපක්ෂ නායකවරයාගේ සහාය ලබා ගත හැකි බව පාර්ලිමේන්තුවේ දී කීවේය.

මේ වනවිට ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර ප්‍රතිපත්තිමය වශයෙන්  මත ගැටුමක් පවතින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ   ප්‍රකාශ කරන්නේ මෙැවැනි පසුබිමකය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලි වෘත්තීය ශාඛා සංගමයේ සුබ සාධක වැඩපිළිවෙලේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා එම අදහස් පල කර ඇත.


රාජ්‍ය ව්‍යවසායන්   ගැන ගන්නා තීරණ පිළිබඳව පොදුජන පෙරමුණ ලෙස තමන්ව දැනුම්වත් කරන ලෙස ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

ඔහු පවසා තිබුණේ මෙසේය.

“අපේ ප්‍රතිපත්තිත් එයාලගේ ප්‍රතිපත්තිත් අතර පොඩි පොඩි මතගැටුමක් තියෙනවා. මොකද ජාතික සම්පත් පුද්ගලීකරණය පිළිබඳව අපි හැමදාම එකඟතාවයකට ආවේ නැහැ. “

“නමුත් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව සමහර දේවල් කරන්න සිදුවෙනවා. මේවා කරනකොට අපේ සාමාජිකයින් එක්ක කොහොමද මුහුණදෙන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. පහුගිය ටිකේම අපේ ලේකම්තුමත් මමත් අගමැතිතුමත් විවිධ අවස්ථාවල සාකච්ඡා කළා මේ පිළිබඳව අපි ගතයුතු ක්‍රියාමාර්ගය මොනවද කියලා. “

“ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපිට ජනාධිපතිතුමත් එක්ක ‌මේවා පුද්ගලීකරණය කරන්න නැත්තනම් අනෙකුත් කටයුතු කරන්න ප්‍රථමයෙන් අපිවත් දැනුවත් කරන්න කොහොමද කරන්නේ අපේ සාමාජිකයින්, වැඩකරන පන්තිය ආරක්ෂා කරන්න. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ හින්දා අපි ඒ වෙනුවෙන් නිතිපතා පෙනී සිටිනවා කියන එකත් මේ මොහොතේදී තමුන්නාසේලා එක්ක කියනවා. මොකද අපි වෘත්තීය සමිතියක් හැටියට කේලම් කිය කියා ඇවිදින කණ්ඩායමක් නෙමෙයි.”

Exit mobile version