ජනපති වෘත්තීය වේදීන් සාකච්ඡාවකට කැඳවයි.. 

Ranil_Wickremesinghe_

ශ්‍රියානි විජේසිංහ –                                       

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සමඟ විශේෂ සාකච්ඡාවක් මේ වන  ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   සදහන් කරයි.

මෙම සාකච්ඡාව  සදහා ජනාධිපතිවරයාම තම වෘත්තීය සමිති එකමුතුවට ආරාධනා කළ බව හෙතෙම පැවසීය.

මෙම ආරාධනාව පිළිගෙන එකමුතුව නියෝජනය කරමින් නියෝජිතයින් දසදෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වූ බවද වෛදය විජේසිංහ සඳහන් කළේය.

සාකච්ඡාවේ ප්‍රගතිය සලකා බලා ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් පිලිබඳ තීන්දු තීරණයන් ගැනීමට එකමුතුවේ සාමාජිකයින් හෙට විශේෂ රැස්වීමක් පවත්වන බවද සදහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් සාකච්ඡාව තුළින් තමන් අපේක්ෂා වූ ඉල්ලීම් ඉටු නොවුණහොත් තිරණය කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ගේ කිසිදු වෙනසක් සිදුනොවන බව එම එකමුතුව අවධාරණය කරයි.

Exit mobile version