ජනපති වූ පසු මුල් වරට ගෝඨාභය වියත්මඟ හමුවෙයි

ආණ්ඩුවේ වැඩවලට වියත් මඟ යා කරන හැටි ගැන කතා කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා බවට ප්‍රවර්ධනය කිරීම පසුපස ප්‍රධාන කාර්යභාරයක් සිදු කළ වියත්මග වෘත්තීයවේදී සහ ව්‍යවසායකයන්ගේ එකතුව පළමුවරට ඊයේ සවස හමුවිය.

රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටියේය.

දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම “වියත්මග” ඉදිරියේ ඇතැයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.


වියත්මග සංවිධානයේ සභාපතිවරයාද වන ජනාධිපතිවරයා ඇතුල්කෝට්ටේ කාර්යාලයේදී වියත්මග කණ්ඩායම හමුවූ අතර මුලින්ම එහි විධායක කමිටු සාමාජිකයන් හමුවී පසුව සෙසු සාමාජිකයන්ද ඇමතීය.

එහිදී වියත්මඟ කණ්ඩායම ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර එකී අරමුණු ජයගැනීමට දායක විය හැකි ආකාරය “වියත්මග” විධායක සභාවට පෙන්වා දුන්නේය.

සංවිධාන ව්‍යූහය තුළ උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මග පෙන්වීමටත්, අමාත්‍යවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහාය වීමටත් හැකි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

“වියත්මග” විධායක සභාවේදී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කළේය.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය යොමු කෙරිණ.

වියමත් මගසංවිධානයේ මුල් ස්ථරයේ බොහෝ සාමාජිකයන් මේ වවනවිට පාර්ලිමේනතුමන්ත්‍රීවරුන් ලෙස පත්ව ඇති අතර තවත් පිරිසක් රජයේ හළ තනතුරුවලට පත්ව සිටිති.

සංවිදානයේවත් බොහෝ පිරිසක් කිසිදු තනතුරක් හෝ රජයේ වගකීමක් හෝ මූල්‍ය ප්‍රතිලාභයක් බලාපොඩරාත්තු නොවී ඔවුන් අපේක්ෂා කළ රටේ සංවර්ධන කටයුතුවලට සම්බන්ද වීමේ කැමැත්තෙන් සිටියද ඔවුන්ට ඒ සඳහා නිසි යාන්ත්‍රණයක් කොමැති වීම පිළිබඳව සාකච්ඡා වී තිබේ. ඒ අනුව විවිද උපකමිටු හරහා එම පුද්ගගයන්ට දසම්බන්ධ වීමේ අවස්ථාව සලසා දීමහට තීරණය වුණු බව වියත් මග සංවිධානයේ සාමිජකයෙක් ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීහූ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගල්ප්පත්ති මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Exit mobile version