ජනපති රනිල් හමුවීමට  යන්න ඕන කොහොම ද?. බැසිල්ගෙන් පොහොට්ටුවට  උපදෙස්!

Basil-Ranil

ජනාධිපතිවරයා හමුවීමට යාමේදී පක්ෂයක් ලෙස සමස්ත කණ්ඩායමක් යෑම, තනි තනිව යෑමට වඩා සුදුසු යැයි බැසිල් රාජපක්ෂ පැවසූ වග පොදුජන පෙරමුණේ  ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්  පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති හමුවීමට යාමේදී තනිව නොයන්න යැයි බැසිල් රාජපක්ෂ උපදෙස් දී ඇත්දැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

පක්ෂයක් ලෙස අපි ශක්තිමත් බවත්, එකට නැඟී සිටීම අපගේ ශක්තිය බවත් බැසිල් රාජපක්ෂ පැවසූ  බව ලේකම්වරයා   සඳහන් කළේය.

“කිසියම් ඉල්ලීමකට හෝ සාකච්ඡාවකට ජනාධිපති හම්බවෙන්න තනියම යනවට වැඩිය සමස්ත කණ්ඩායමක් ගියාම ශක්තිය වැඩියි. එවිට අපේ ඉල්ලීම් ඉටු වෙන්න තියෙන ඉඩ වැඩියි.. බැසිල් රාජපක්ෂ මහත්මයා කිව්වේ ඒ ගැන.. කරුණු පැහැදිලි කිරීම වගේ සියල්ලම කට්ටිය එකතු වෙලා කරන එකයි ශක්තිය..”  ඔහු පැවසුවේය.


මෙහිදී හදිසි නීතිය ආර්ථිකය සඳහා භාවිතා කරන බව පවසමින් මර්දනයට භාවිතා කරන බවට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු විමසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධයේන අදහස් පළ කළ  ලේකම් කාරියවසම් පැවසුවේ ත්‍රස්තවාදයක් හෝ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ පවතිද්දී රටකට සංචාරකයින් හෝ ආයෝජකයින් නොපැමිණෙන බවය. එහෙයින් මේ සියල්ල එකට බැඳුනු කාරණා මිස වෙන් වෙන්ව පුද්ගලයින් දඩයම් කිරීමට යොදාගන්නා බවට එල්ල වෙන චෝදනා පිළිනොගන්නා බව ද ඔහු පැවසීය.

Exit mobile version