ජනපති රටින් පිටවුනේ රටේ බලවත්ම ප්‍රශ්නයක් වූ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමට අදාල විසඳුමක් සඳහා FUTA එකට සාකච්ඡාවක් නොදී !

වර්ෂ  2022 (2023) උසස් පෙළ (උ/පෙළ) උත්තර පත්‍ර පරීක්‍ෂාවට අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණද ජනාධිපතිවරයා එම සාකච්ඡාව සඳහා අවස්ථාවක්  ලබා නොදී   රටින් පිටවී ගොස් ඇතැයි ගොස් තිබේ. ඔවුන්ට සාකච්ඡාවක් සඳහා වේලාවක් ලබා දෙමින් ලංකා ගුරු සංගමය  පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධ ගැටලු නරක අතට හැරෙමින් පවතින බවයි.

“FUTA එක සතියකට කලින් සාකච්ඡාව ඉල්ලා තිබුණා. ජනාධිපතිවරයා සාකච්ඡාවක් නොකර රටින් පිටවීම සාධාරණ නැහැ. උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව කඩාකප්පල් කිරීමට වගකිව යුත්තේ කවුද කියන එක ප්‍රශ්නයක්,” ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එබැවින් FUTA මේ සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගත යුතුයි. මේ ආණ්ඩුවට ඔය කියන ප්‍රශ්නයට විසඳුම් දෙන්න අවශ්‍ය නැති බව මෙයින් පෙනෙනවා. FUTA හි ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට මේ රජයට අවශ්‍ය නැති බව මින් තේරෙනවා.”   ස්ටාලින් වැඩිදුරටත් පැවසීය.


Exit mobile version