ජනපති නිල කොඩිය සොරකම්කළ පුද්ගලයා අත්අඩංගුවට…

මහජන විරෝධතාවය  අතරතුර කොළඹ ජනාධිපති කාර්යාලයේ තිබූ ජනාධිපති නිල කොඩිය සොරකම් කළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ජුලි 09 වනදා පැවති   උද්ඝෝෂණයක් අතරතුර මහජනතාව   ජනාධිපති කාර්යාලයට කඩා වැදීමෙන් අනතුරුව මෙම පුද්ගලයා කොඩිය සොරකම් කර  තිබිණි.

අනතුරුව ඔහු ජනාධිපතිගේ නිල කොඩිය ඉණේ බැඳගෙන එහා මෙහා යන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන ද හමුවී වූ බව පොලිසිය කිවේය.

ඉන් අනතුරුව එම පුද්ගලයා එම කොඩිය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කර ඇති අතර එය පුළුස්සා විනාශ කිරීමට ද අදහස් කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක දැක්විනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි  වහාම සිදුකළ මුල්ම කටයුතු දෙකෙන් එකක් සේ ජනාධිපති නිල කොඩිය ආහෝසි කළේය.

Exit mobile version