ජනපති ගේම අරඹයි… ආණ්ඩුවේ සහ විපක්ෂයේ 36කට එජාප සංවිධායක ධූර!

ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින   මහජන නියෝජිතයින් 36 දෙනෙකුට ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයේ  ආසන සංවිධායක ධූර ලබා දීමට කටයුතු කරන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  පොදුජන පෙරමුණ යන ප්‍රශ්නවලට අමතරව විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරු පිරිසකට මෙලෙස සංවිධායක ධූර ලබා දීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන, ඉහත පක්ෂවල සාමාජිකයින්ව සිට   එක්සත් ජාතික පක්ෂය හා එක්ව දැනටමත්  ආසන සංවිධායකවරු ලෙස   කටයුතු කරන, තවත් 12 දෙනෙකුට එජාප ආසන සංවිධායක ධූර ලබා දීමට පියවර ගෙන ඇති බව ද ඉහත ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධූරවලට මහජන නියෝජිතයින් සහ මහජන ක්‍රියාකාරීන් බඳවා ගැනීමේ සාකච්ඡා පසුගිය සතිය වනවිට   අවසන් කර තිබූ බවත් දැනට සිදුවන සම්මුඛ පරීක්ෂණ අවසන් වූ වහාම නව සංවිධායකවරුන්ට පත්වීම් ලබා දීමට නියමිත බවත් එම ප්‍රකාශයකයා පැවසීය.


 

Exit mobile version