ජනපතිගේ සෞභාග්‍යයේ දැක්මට  චීන්නු අනතුරු අඟවති!

මධ්‍යම අධිවේග මාර්ගයේ රඹුක්කන ගලගෙදර කොටස වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ ලංසුව නොසලකා වැඩි ලංසුවක් ඉදිරිපත් කළ දේශීය සමාගමකට අදාළ  වැඩ කොටස ප්‍රදානය කිරීම සහ තම සමාගම විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය නොසලකා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇතිබව “ සන්ඩ් ටයිම්ස්“ පුවත් පත වාර්තා කරයි.

සාපේක්ෂව අඩු මිලට ඉදිරිපත් කළ ලංසුව නොසලකමින් ඉතා වැඩි මිලකින් යුතු සමාගමකට මෙම කොන්තකාත්තුව ලබා දීමෙන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ  දැක්ම පිළිබඳව ඉදිරියේදී ජනතාව ප්‍රශ්න කරනු ඇතයි අනතුරු ඇඟවීමක්ද සිදු කර ඇති බව සඳහන් වේ.

මෙම ලිපියට පසුබිම් වී ඇත්තේ 2021 ඔක්තෝබර් මස 08 වදි දින විවෘත කරන ලද ලංසුවට අනුව දැනට ඉදිවෙමින් පවතින  මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝ මීටර් 20කට ආසන්න කොටසේ ඉදිකිරීම් සම්බන්ධ ලංසුවකි. මේ සඳහා චීන රජයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක් වන එම්සීසී ආයතනය වෙනුවෙන් ඊට අනුබද්ධ සමාගමක් විසින් ලංසුවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම්.සී.සී සමාගම කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඉදිකිරීමට මෙන්ම දැනට මද්‍යම අධිවේගී මාර්ගයේ කඩවත් මීරිගම කොටසේ ක්‍රියාත්මක වන සමාගමක් වන අතර මෙම අනුබද්ධ සමාගම මධ්‍යම අධිවේගයේ රඹුක්කන ගලගෙදර කොටස් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර්  210ක ලංසුවක් ඉදිරිපත් කර ඇත.


එමෙම ඉදිකිරීමේ එකම විදේශීය ලංසුකරු ලෙස එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර දේශීය සමාගම් සමූහයක් වන එල්අයිඩීසී (LIDC) ඇමෙරිකානු ඩොලර් මිලියන 374ක ලංසුවක් ඉදිරිපත් කර ඇත. චීන සසමාගම මූලික ගෙවීම ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක් යොජනා  කර ඇති අතර දේශීය සමාගම ඩොලර් මිලියන 62.4ක මූලික ගෙවීමක් යොජනා කර ඇති බව චීන සමාගම ජනාධිතිවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වේ.

මහාමාර්ග අමාත්‍යංශය වෙත චෝදනා එල්ල කරමින් මෙම සමාගම  මෙම ලිපියෙන් ජනපතිවරයා වෙත පවසා ඇත්තේ තම සමාගම විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය යෝජනාව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් මහාමාර්ග අමාත්‍යංශය විසින් දක්වා නොමැති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධිය පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ. ඒ සම්බන්ධව හෙළිදරව් කරන මාධ්‍ය හමුවක් පැවති ආකාරය පහත දැක්වේ.

 

Exit mobile version