ජගත් සංවිධානයේ නිත්‍ය නියෝජිත තනතුරට මොහාන් පීරිස්

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙසත් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙසත් පත්කිරීමේ රජයේ යෝජනාව ඉහළ තනතුරු පිළිබඳ කමිටුව විසින් අනුමත කර තිබේ.

අද (03) පාර්ලිමේන්තුවේ පැවති ඉහළ තනතුරු පිළිබඳ කාරක සභාවට මොහාන් පීරිස් මහතා කැඳවනු ලැබුවේ පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, කෙහෙලිය රඹුක්වැල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.


Exit mobile version