ඡන්ද හීන කරන මෙහෙයුම ක්‍රියාත්මකයි,,, අධිකරණ නියෝග නොතකා මහා භාණ්ඩාගාරය ඡන්ද වැඩවලට මුදල් ගෙවීම යළිත් පමා කරයි…

සතියේ මුල මුද්‍රණාලයාධිපතිනිය ඉල්ලූ මිලියන 500 ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ... තැපැල් ඡන්දය යළිත් කල් යයි?

පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන පන්සියයකට අධික මුද්‍රණ වියදමක්   දැරීමට සිදුවනු ඇති බවට පසුගිය අට වැනිදා මුදල් අමාත්‍යාංශය  වෙත ලිඛිතව දැන්වූ නමුත්  එම ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවට මුද්‍රණාලයාධිපතිනී ගංගානී ලියනගේ  ලංකාසරට පැවසුවාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතුවල මුල් අදියර සඳහා රුපියල්  මිලියන 200ක් පමණවත් අවශ්‍ය බව පෙන්වා දෙන මුද්‍රණාලයාධිපතිනිය ලබන සතිය තුළ එම මුදල නොලැබුණහොත් යළිත් වතාවක් ඡන්දය කල් යනු ඇති බව පැවසුවාය.

පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් 25 වැනි දින පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස්වරයා  විසින් ප්‍රකාශයට පත් කර ඇත.

නියම කරගත් පරිදි තැපැල් ඡන්දය ලබන 28 දා සිදුකිරීමට නම් ලබන සතියේ බදාදාට පෙර අනිවාර්යයෙන්ම මුදල් ලබා දිය යුතු බවත්, එසේ නොකළහොත් තැපැල් ඡන්දය කල් දැමීමට සිදුවනු ඇති බවත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවට බල කරමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.

Exit mobile version