ඡන්ද නැති රටේ නායකයා මැරෙනකම් අනුප්‍රාප්තිකයො නෑ වගේ… රටම යන්නේ අපේ රැහේ විදිහට… වන්නිලා ඇත්තෝ කියති…

Wannila-Eththo

කීර්ති ප්‍රනාන්දු – 

නායකයා මිය යන තුරු නව අනුප්‍රාප්තික නායකයෙක් පත් නොකර ගෝත්‍රික ක්‍රමයකට රට ගමන් කරන්නේ දැයැ සැක සිතෙන බවත්,  තමන්ගේ ජීවිත කාලය තුළ මේ ආකාරයෙන් ඡන්දය කල් දැමූ අවස්ථාවක් පිළිබඳ අත්දැකීමක් නැති බවත්  ආදි වාසී නායක වන්නිලා ඇත්තෝ පවසති.

එවැනි ඡන්ද කල් දැමීම් කිසිසේත් නුසුදුසු බව කියන වන්නිලා ඇත්තන් එය රටට මොනම ආකාරයකින්වත් නොගැලපෙන බව පෙන්වා දෙන්නේය.

මහජන මතය ප්‍රකාශ කිරීම සඳහා නියමිත වකවානුවලට ඒ සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දීමට පාලකයින්  නීතියෙන් බැඳී ඇති බවත්  ආදිවාසී නායකයා   පැවසුවේ රටේ තත්ත්වය පිළිබඳ ලංකාසර කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

“ දැන් රට ගමන් කරන්නේ තනි පාලනයකට. අපේ ආදි වාසී පරම්පරාව ගත්තම නායකත්වය ජීවිත කාලය පුරාම තියනවා.  නායකයා මැරිලා වලදැම්මට පස්සෙ තමිය ඊලඟ නායකයා තෝරගන්නෙ. ඒක පරපුරෙන් ආපු සම්ප්‍රදායක්. “


“ ඒ වගේ ක්‍රමයකට රටම ගමන් කරනවද කියලා මට හිතෙනවා. ඉන්න නායකයා වයසට ගිහින්   ඇවිදගන්න බැරිවනතුරු හෝ  මිය යනතුරු නායකකමින් ඉවත් නොවී ඉන්නවද කියලා හිතෙනවා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අනිත් හැම දේටම සල්ලි තියන රජයට මැතිවරණයක් තියන්න සල්ලි නැත්තේ ඇයි කියලා කැලේ ඉන්න අපිත් කල්පනා කරනවා…” වන්නිලා ඇත්තෝ කීහ.

Exit mobile version