ඡන්දේ දීම අනිවාර්යයි – නැත්නම් දඩයක් !

පාස්කු කොමිසමෙන් නිර්දේශයක්

මැතිවරණවලදී සෑම ඡන්දදායකයකුටම
තම ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීම සඳහා නීති ප්‍රතිපාදන සැකසිය යුතු බවත් ඡන්දය භාවිත නොකරන්නන් දඩයකට යටත් කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසම සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබේ .

වාර්තාවේ පෙන්වා දෙන්නේ සහරාන් කණ්ඩායමේ සාමාජිකයන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී නොවූ බවට සාක්ෂි ලද බවයි.

එමෙන්ම පවුලේ සාමාජිකයන්ට එසේ කිරීම වළක්වා ඇති බවටත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ සඳහන් ය.


එමෙන්ම මෙරට මැතිවරණ ක්‍රමය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන කොමිසම පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය බවය.

දුර්වල රජයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සහරාන්ගේ කණ්ඩායම සිතූ බවට පරීක්ෂණ කොමිෂන් සභාවට සාක්ෂි ඉදිරිපත් වූ බව එහි දැක්වේ.

ඕනෑම මහමැතිවරණයකදී 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂයකට වැඩ කරන බහුතරයක් ලබා දෙන මැතිවරණ ක්‍රමයක් කල්තියාම නිර්මාණය කළ යුතු බව ද කොමිසම අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනත් පක්ෂයකට බැඳීම තහනම් කිරීමත් සමග වන විධිවිධාන ඒකාබද්ධ කළ හැකිය .

එහිදී සුළුතර කණ්ඩායම්වලට නිසි නියෝජනයක් ලැබෙන බවට සහතික විය යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කරන ප්‍රදේශයෙන් සුළුතර කණ්ඩායම්වලට අපේක්ෂකයින් සංඛ්‍යාවක් දේශපාලන පක්ෂවලට තිබිය යුතු බවද කොමිසම නිර්දේශ කරයි.

Exit mobile version