ඡන්දය පැවැත්වීමට  පොලු දැමූ රජයේ ආයතනයන්ට එරෙහිව   ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට රජයේ ආයතන අසමත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය .

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකියසෝති සරවනමුත්තු විසින් මෙම පෙත්සම ගොනු කළේ භාණ්ඩාගාර ලේකම්, රජයේ මුද්‍රණාලය, පොලිස්පති සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි.

ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවක් ඉදිරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1) හා 14(1)(a) වගන්ති යටතේ මෙම පෙත්සම විභාගයට ගත් අතර  ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර හා ජනක් ඩී සිල්වාගෙන්  විනිසුරු මඩුල්ල සමන්විත විය.

2018 දී තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ බලය 2022 දී අවසන් වූ බවත් වසර 4කට පසු පවත්වන මැතිවරණය පැවැත්විය යුතු බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබේ.


එලෙසම රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමේ සම්බන්ධීකරණ ව්‍යාපාරයක් පෙන්නුම් කරන බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා 2023 පෙබරවාරි 23 වැනි දින අවසන් මොහොත දක්වාම මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් වෙන්කිරීමේ අභියෝගයක් පවතින බව පෙන්වා දී නොමැති බවද පෙත්සමෙහි සඳහන් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ක්‍රියාවන් පෙත්සම්කරුවන්ගේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අගතියක් වන බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.

Exit mobile version