ඡන්දය දීමට පොලිසියෙන් ජනතාව උන්නදු කරවයි

මහ මැතිවරණ ඡන්ද විමසීමේ කටයුතු දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12985ක අද උදෑසන 7.00ට දිවයින පුරා ආරම්භ වූ අතර මෙම සියලුම ඡන්ද පොළ සෞඛ්‍යාරක්ෂිත බවටත් කිසිදු අවදානමකින් තොරව තම ඡන්දය ප්‍රකාශ කිරී‍මේ හැකියාව ඇති බවටත් මහජනතාව වෙත ශබ්ද විකාශ යන්ත්‍ර මඟින් නිවේදනය කිරීමට කටයුතු සලස්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මේ වනවිට දිවයින පුරා සිටින සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් ප්‍රධානීන්ට නියෝග කොට ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විශේෂිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන අතර බොහෝ ඡන්ද පොළවල මෙම ආරක්ෂික ක්‍රමවේද ක්‍රියාත්මක වන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලු පොලිස් ස්ථාන හරහා තම පොලිස් බල ප්‍රදේශවල ශබිද විකාශ යන්ත්‍ර මඟින් ජනතාව ඡන්ද පොළ වෙත යැවීම උනන්දු කරවීමේ වැඩපිළිවෙළක් ද මේ වනවිට පොලිස්පතිවරයාගේ නියමයෙන් ක්‍රියාත්මක වන්නේ ඊට අමතරවය .


Exit mobile version