චෝදනාවට ලක් වූ ලේඛිකාව සම්මානය සමඟ මුදල් ආපසු දෙයි

මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙළේ දී හොඳම යොවුන් නවකතාව ලෙස සම්මානයට ලක්වූ ග්‍රන්ථය වන ඒත් අපි පියාඹමු පොතේ ලේඛිකාව වන සුජාතා අලහකොන් මහත්මිය තමන්ට හිමි වූ සම්මානය සහ ලබා ගත් මුදල් පරිත්‍යාගය ආපසු පොත් ප්‍රකාශයින්ගේ සංගමය වෙත භාර දීමට කටයුතු කර ඇති බව එම සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ඇය මෙම තීරණය ගෙන අත්තේ ඇයගේ පොත වෙනත් ලේඛිකාවක විසින් රචනා කරන ලද පොතකින් කොටස් ඒ අයුරින්ම උපුටා පළ කිරීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වීමෙන් පසුවය.

සුජාතා අලහකොන් විසින් රචනා කරන ලද ඒත් අපි පියාඹමු පොතේ පරිච්ඡේද කිහිපයක් ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද ලේඛිකාව විසින් පරිවර්තනය කරන ලද තැනිතලාවේ පිහිටි කුඩා නගරය නම් .නම් ග්‍රන්ථයෙන් උපුටාගෙන ඇති බවට ගංගා සුදුවැලිකන්ද මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කළ අතර මේ පිළිබඳව සාහිත්‍ය ක්ෂේත්‍රෙය් දැඩි කතා බහකට ලක් විය.


එමෙන්ම වංග සාහිත්‍යය සිහංලයට නගමින් ජනප්‍රිය වූ ලේඛිකාවක වූ අභාවප්‍රාප්ත චින්තා ලක්ෂ්මී සිංහාරච්චි විසින් පරිවර්තනය කඑන ලද අපූගේ ලෝකය ග්‍රන්ථයේ කොටස්ද එහි අන්තර්ගත බවට චෝදනා එල්ල විය.
මෙම සංවාදය අතරතුර සුජාති අලහකොන් මහත්මිය පවසා ඇත්තේ මෙවැනි පසුබිමක් මත ලබා ගත් සම්මානය ප්‍රතික්ෂේප කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ඒ වෙනුවෙන් ලැබුණු රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලට ඇය මේ වනවිට භාර දී ඇති අතර දැනට මාතලේ ජීවත් වන ඇය හැකි ඉක්මනින් සම්මානය ලබා දීමට පියවර ගන්නා බව ප්‍රකාශ කොට ඇත.

Exit mobile version