චෙම්මනි පුපුරණ ද්‍රව්‍ය ගැන පුලුල් පරීක්ෂණයක්

අලුත්ම පුපුරණ ද්‍රව්‍ය තොගයක්... යාපනයේ ආරක්ෂක අංශ කියයි...

දිනසේන රතුගමගේ –

යාපනයේ චෙම්මනි හින්දු සුසාන භූමිය අසලින් 8 දා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගන්නා ලද සී-4 හා  ටී.එන්.ටී.පුපුරණ ද්‍රව්‍ය හා සෙසු යුද උපකරණ අලුත්ම ඒවා බව යාපනයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු පැවසීය.

ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය හා සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක්ද පතරොම් ඩෙටනේටර් හා වයර් තොගයක්ද ඉතාම සුරක්ෂිතව අසුරා සුසාන භූමියේ මුල්ලක දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදු කළ සෝදීසි මෙහෙයුමකදී ඒවා හමු වී තිබේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කිසියම් පුද්ගලයෙකුට බාර දීම සදහා මේ ස්ථානයේ සගවා තබන්නට ඇති බව ආරක්ෂක අංශ විශ්වාස කරණ අතර අලුත්ම පුපුරණ ද්‍රව්‍ය ඔවුන් වෙත ලැබුණේ කෙසේද යන්න පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.


වවුනියාවේ නෙඩුන්කේණී සේනාපිලව් ගම්මානයේදී පසුගිය පෙබරවාරී 17 දා හමු වූ පුපුරණ ද්‍රව්‍ය හා මේ පුපුරණ ද්‍රව්‍ය අතර සමානකමක් ඇතත් බොහෝ විට මේ සිද්ධීන් දෙකක් විය හැකි බවටද ආරක්ෂක අංශ විශ්වාසය පල කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුපුරණ ද්‍රව්‍ය හමු වීම සම්බන්ධයෙන් ඉතා පුළුල් මට්ටමක පරික්ෂණ ආරම්භ කොට ඇති බවද යාපනයේ ආරක්ෂක අංශ  නිලධාරියා පැවසීය.

Exit mobile version