චීන සිනෝෆාම් එන්නතට නිර්දේශ ලැබුණත් සල්ලි දීලා නම් ගන්න බෑ…

සිනෝෆාම් එන්නතක් ඇමරිකන් ඩොලර් 65ක්… ඇස්ට්‍රා සෙනිකා ඇමරිකන් ඩොලර් 5.2යි... රාජ්‍ය ඇමතිනී සුදර්ශනී කියයි...

සමන්තිකා වීරවර්ධන –                                    

කෙරෝනා මර්දනය සඳහා චීනයේ නිෂ්පාදනය කර තිබෙන සිනෝෆාම් එන්නතක මිල ඇමරිකානු ඩොලර් 65ක් පමණ බැවින් එය අපේ ආර්ථිකයට  ඔරොත්තු නොදෙන බව  ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ  කොවිඩ් මර්දන පාලන කටයුතු  රාජ්‍ය ඇමතිනී  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නත සදහා රජය වැය කරනුයේ ඇමරිකානු ඩොලර් 5.2ක මුදලක්වන අතර මිලදී ගන්නේ නම් එම එන්නතම මිලදී ගැනීමට අවධානය යොමුකිරීම වැදගත් බවද ඇය පෙන්වාදේ.

කෙසේ නමුත් චීනයේ නිෂ්පාදනය කර ඇති සෙනොෆාම් එන්නත‌තේ මාත්‍රා ලක්ෂ 6ක ප්‍රමාණයක් මේ වන විට ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත යැයිද ඇය සඳහන් කළාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මෙම එන්නත මෙරට ජනතාවට ලබා දෙන්නේ ද එය ලබාදෙන්නේ කෙසේද යන්න පිලිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නැතැයි ද රාජ්‍ය ඇමතිනිය සදහන් කළාය.

Exit mobile version