චීන සයිනොවැක් එන්නතේ බලය මාස 6යි – චීන පර්යේෂකයෝ කියති

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන සයිනොවැක් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ සිරුරු තුළ ගොඩනැගෙන ප්‍රතිශක්තිය මාස 6 කට පසුව අඩුවන අතර ඒ හේතුවෙන් ප්‍රතිශක්තිය වර්ධකයක් ලෙස තුන්වෙනි මාත්‍රාවක් ලබා දිය යුතු බවට චීන පර්යේෂකයන් පිරිසක් යෝජනා කර තිබේ.

මෙම පර්යේෂකයන් අනාවරණය කර ඇත්තේ අවුරුදු 18 ත් 59ත් අතර සයිනොවැක් එන්නත ලබා ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල මේ සඳහා පරීක්ෂා කළ බවයි.

මෙම පර්යේෂණයට සහභාගී කර ගත් එන්නත් ලාභීන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයයි.


එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීමෙන් දෙකකට සති දෙකකට පසු ඔවුන්ගේ ශරීර තුළ වර්ධනය වී තිබූ ප්‍රතිදේහ මට්ටම 16.9%ක් වී තිබූණි. සති හතරකට පසු වර්ධනය වී තිබුණේ 35.2%කි.

මාස හයක් ගෙවී ගිය ද එම සිරුරු තුළ තිබී ඇත්තේ 35.2%ක ප්‍රතිදේහ මට්ටමක් පමණි.

මෙම පර්යේෂණ සඳහා පනස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී කරගෙන ඇති අතර ඔවුන්ට තුන්වෙනි මාත්‍රාව ලබා දීමේදී එම සිරුරු තුළ යළිත් ප්‍රතිදේහ මට්ටම වර්ධනයක් දක්නට ලැබුණු බව පර්යේෂකයෝ පවසති.

චීනයේ ජියැංෂු පළාතේ ආසාදන පාලන අධිකාරියට සම්බන්ධ පර්යේෂකයන්, සයිනොවැක් එන්නත නිෂ්පාදන ආයතනය සහ තවත් කණ්ඩායමක් ඒකාබද්ධව මෙම පර්යේෂණය සිදුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එම මාත්‍රා තුනම ලබාදුන් පසුව ද කොවිඩ් නව ප්‍රභේද සම්බන්ධයෙන් ඔවුන් අවධානය යොමු නොකළ බවත් සයිනොවැක් එන්නතේ එම නව ප්‍රභේදය කෙසේ ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් ය.

Exit mobile version