චීන විරෝධතාවන් නිසා වසා දැමුනු නණු නගර දෙකක් විවෘත වෙයි

චීනය පුරා කොරෝනා වෛරස පැතිරයාම වැලැක්වීම පනවා තිබූ සංචරණ සීමා වලට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙස සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව චීනයේ ප්‍රධාන නගර දෙකක් වන ග්වැන්සෝ හා චොන්ග් චින්ග් සංචරණ සීමා ලිහිල් කිරීමට බලධාරීන් විසින් තීරණය කරණු ලැබ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීනය විසින් පසුගිය කාලයේ දී දැඩි කොරෝනා මර්ධන නීති රීති අනුගමනය කළ අතර එමගින් එරට ජනතාව දැඩි දැඩි ලෙස පීඩාවට පත්විය. එම සංචරණ සීමා වල ප්‍රතිඵලයක් ලෙස ජනතාව තුළ දැඩි විරෝධයක් ආණ්ඩුව කෙරෙහි ඇති වී තිබූ අතර එහෙනම් පසුගිය තා විශාල ජන අරගලයක් දක්වා වර්ධනය විය.


මෙහිදී චීනයේ ප්‍රධාන නගර කිහිපයක් පුරා දැඩි විරෝධතා පැන නැගී තිබූ අතර ජනතාව ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇති කරගෙන තිබූ ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තාවල අනාවරණය කර තිබුණි.

මෙම විරෝධතා වලට මූලිකම හේතුව වූයේ පසුගියදා නිරෝදායනය කර තිබූ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් දහ දෙනකොට ජීවිතයක් අහිමි වීමයි. එහිදී ජනතාව ප්‍රකාශ කර සිටියේ නිරෝධාය නීති නොතිබුනානම් අහිමි වූ ජීවිත 10 ආරක්ෂා කර ගැනීමට හැකියාවක් පැවති බවයි.

මෙම ගිනි ගැනීමේ සිදුවීමත් සිදු වීමත් සමඟ ආරම්භ වූ විරෝධතා පසුව චීන ජනාධිපතිවරයා සහ චීන රජයද විවේචනය කරමින් දැවැන්ත විරෝධතාවක් බවට පත්විය.

පසුව තත්වය පාලනය තත්ත්වය පාලනය කිරීම සඳහා චීන පොලිසිය කැරලි මර්දන නිලධාරීන් යෙදවීම යෙදවීම අතර මේ වන විට චීනයේ ප්‍රධාන නගර සියල්ලම සියල්ලෙහිම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය අනුගමනය කරන කොරෝනා මර්ධන ප්‍රතිපත්තිය හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර බොහොමයක් විදෙස් නිෂ්පාදන සමාගම් චීනයෙන් ඉවත්ව වෙනත් භූමි ප්‍රදේශවල ප්‍රදේශවල සිය නිෂ්පාදනාගාර ඉදි කිරීමට මේ වන විට වන විට පියවර ගනිමින් සිටී.

Exit mobile version