චීන විදේශ ඇමති දෙදින නිල සංචාරය සඳහා අද දිවයිනට පැමිණෙයි!

දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී අද (08) මෙරටට පැමිණිමට නියමිතව ඇත.

අද සහ හෙට (09) දෙදින තුළ චීන විදේශ කටයුතු අමාත්‍යවරයා  මෙරට නිල සංචාරයක නිරත වේ.

මෙම සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ. දිවයිනම ආවරණය වන පරිදි චීන ආයෝජන සඳහා වැදගත්වන පුද්ගලික අංශයේ ව්‍යාපෘති පිළිබඳ ඔහුගේ අවධානය යොමුවනු ඇතැයි පැවසේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදුවෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

 

Exit mobile version