චීන පොහොර සමාගමෙන් ශ්‍රි ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ට පැමිණිල්ලක්

ශ්‍රි ලංකාවට ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර තොගයක් එවීමට කටයුතු කිරීමෙන් ආන්දෝලනයට ලක් වූ චීන පොහොර සමාගම වන ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රි ලංකාවේදී තම පොහොර සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වය සහ එහිදී ගනුදෙනුව නිසි ආකාරයෙන් සිදුනොවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වෙත පැමිණිලි කළ බව එම සමාගම ඩේලි මිරර් පුවත් පත වෙත පවසා ඇත.

එම සමාගමට අනුව 2022 ජනවාරි 5 වන දින සීවින් බයෝටෙක් සහ ගැනුම්කාර ශ්‍රි ලංකා සමාගම අතර ණයවර වාරණ නියෝග නඩු විසඳීමේ නියමයන් වෙත ළඟා වීමට පෙර සීවින් බයෝටෙක් සමාගම ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ජාත්‍යන්තර ශාක ආරක්ෂක සම්මුති කාර්යාලයට (IPPC) මූලස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. එහිදී ඔවුන් විමර්ශනයට මැදිහත් වන්නැයි මෙම ජාත්‍යන්තර ආයතනවලින් ඉල්ලුම් කර ඇති අතර එම ආයතන ද පවසා ඇත්තේ අවශ්‍ය නම් ඔවුන්ට විමර්ශනයට මැදිහත් විය හැකි බව දන්වා ඇතැයිද ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයාගේ හරිත කෘෂිකර්ම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට එරෙහිව සහ වගකීම් සහිත ජාත්‍යන්තර ආයතනවල පරීක්ෂණ වාර්තා හේතුවක් නොමැතිව ප්‍රශ්න කරන වගකීම් විරහිත විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙක් තවමත් ශ්‍රී ලංකාවේ සිටින බවත් ජනාධිපතිවරයා විසින්, ශ්‍රී ලාංකීය ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතා වෙනුවෙන් කටයතු කරද්දී මෙම විශ්ව විදයාල මහාචාර්යවරුන් ඔවුන්ගේම අධ්‍යයනයෙන්ගේ සහ දැනුමෙන් රටට සහ ජනතාවට කිසිදු දායකත්වයක් නොදක්වන බවද සීවින් බයෝකේ සමාගම ඩේලි මිරර් වෙත මේ පිළිබඳව එවූ විද්‍යුත් තැපෑලෙහි දක්වා ඇත.


Exit mobile version