“චීන පොහොර නැවට මිලියන 6 1/2ක් ගෙවනවද? රටක් තරහා කරගන්නවද?” – ඇමති ජොන්ස්ටන්

ඩොලර් මිලියන හය හමාරක් නිසා රටක් එක්ක තරහා වෙනවද නැත්නම් ඒක සාමකාමීව විසඳා ගන්නවද යන්න පළමුව සළකා බැලිය යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

චීන පොහොර නැව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එහිදී සළකා බැලිය යුත්තේ මුදල් අර්බුදය නොව ගිවිසුමක් මත රටවල් දෙකක් අතර ගැටලුව පිළිබඳව යන්න ය. වරදක් සිදුවී ඇත්නම් එය සොයාබලා නිවැරදි කරගැනීම කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මහජනතාවට කාර්‍යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නව කුරුණෑගල කාර්‍යාලය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතිමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.


එම අවස්ථාවේදී චීන පොහොර නැව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පිලිතුරු දෙන ලදී.

“මෙතන කතා කරන්න ඕනෙ මුදල් කියන ප්‍රශ්නය නෙමෙයි. ගිවිසුමක් සම්බන්ධ ගැටලුවක් රටවල් දෙකක් අතර ගැටලුවක්. ඉතින් කැබිනට් එක තීන්දු කළා එය ගෙවිය යුතුයි කියලා. අපි රටවල් එක්ක වැඩ කටයුතු කරද්දී පරිස්සමින් කරන්න ඕන. ඒකේ කිසි වරදක් මම දකින්නේ නැහැ

වරදක් කවුරු හරි කරනවා නම් වරදක් වෙලානම් ඒ වැරැද්ද හොයන්න ඕන. ඊට ඉස්සර වෙලා රටවල් දෙකක් අතර ඇති වෙන්න යන අර්බුදයට විසඳුම් ගේන්න ඕන. ගිවිසුම් ගත උනාට පස්සෙ වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒ මුදල් ගෙවිය යුතුයි. 

ඩොලර් මිලියන හය හමාරක් නිසා රටක් එක්ක තරහා වෙනවද නැත්නම් ඒක සාමකාමීව විසඳා ගන්නවද කියන එක මුලින්ම බලන්න ඕනෙ. රජයක් උනාම ජනතාව ගැන හිතලා තියෙන තීන්දු තීරණ ගන්න ඕන. යම් වරදින තැන් තියෙනවා. ඉතිහාසයේ පළවෙනි සිද්ධිය නෙමෙයි ඕක . වරදින තැන් හදා ගන්න අවශ්‍යයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාබනික වගාව ගැන අලුත් අත්හදා බැලීමක් කලා.ගොවියන්ට පොහොර ලබා දිය යුතුයි ඉතින් රජය හදිසියේ කාබනික පොහොර ගෙනාවා ගෙනල්ල සාම්පල් පරීක්ෂා කරනකොට තාක්ෂණික දෝෂයක් නිසා ඒක අපට ගැලපෙන්නේ නැහැ . ආණ්ඩු දෙකක් අතර ක්‍රියාවලියක් නිසා අපට ඒක පාර්ශවීය තීන්දු ගන්න බැහැ. ඒ නිසා ලාභ පාඩු විදගන්න වෙයි. රටවල් තරහා කරගෙන අපට ගමනක් යන්න බෑ.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Exit mobile version