චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

මතභේදාත්මක යුවාන් වෑන්ග් 5 චීන චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාවට, ශ්‍රී ලංකාවට, පැමිණීමට අද (13) අවසරය ලබා දී ඇති බව ඉන්දීය රජයේ නිළධාරීන් උපුටා දක්වන හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඔවුන් එහි සඳහන් කර ඇත්තේ මෙම චීන නිරීක්ෂණ පර්යේෂණ නෞකාව අසල්වැසි ඉන්දියාවේ විරෝධය මැද ශ්‍රී ලංකාවට පැමිණීමට අවසරය දී ඇති බවත්, එය නවදිල්ලියේ යුධ ස්ථාපනයන් පිළිබඳව ඔත්තු බලනු ඇතැයි එම නිළධාරීන් හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත. මෙම නෞකාව ඒ අනුව අගෝස්තු මස 16 – 22ත් අතර හම්බන්තොට වරායේ රැඳී සිටිනු ඇති බව ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නෞකාධිපති (හාබර් මාස්ටර්) නිර්මාල් පී සිල්වා ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකාවට 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ 22 වැනිදා දක්වා රැඳි සිටීමට අදාළ විදේශ අමාත්‍යංශ අවසරය ලැබී ඇති බවයි. එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග ද සඳහන් කර ඇත්තේ මෙම නෞකාවට ශ්‍රී ලංකාව අවසර ලබා දී ඇති බවයි. ඔවුන් තව දුරටත් සඳහන් කරන්නේ, එම නැවට හම්බන්තොටට පැමිණීම සඳහා පළමුවරට අවසරය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළා යාමට දිනකට පෙර එනම් 12 වැනිදා ලබා දී ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිකුරාදා රාත්‍රී වන විට යුවාන් වෑන් 5 නෞකාව කොළඹට ගිනිකොණ දෙසින් කිලෝමීටර් දහසක පමණ දුරකින් හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ බවට වාර්තා වේ. මෙම නෞකාවට පසුගිය 12 වැනිදා සිට 17 වැනිදා දක්වා හම්බන්තොට වරායේ සේවා කටයුතු සඳහා නැංගුරම්ලෑමට ශ්‍රී ලංකා රජය අවසර ලබා දී තිබුණ ද මෙම නෞකාව චීන මහජන රතු හමුදාවට අයත් චන්ද්‍රිකා හා බැලැස්ටික් මිසයිල නිරීක්ෂණය කිරීමේ පහසුකම් සහිත අධි තාක්ෂණික නෞකාවක් හේතුවෙන් එය පැමිණීමට ඉන්දීය රජය සෘජුවම විරෝධය පළ කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව චීන රජයට දන්වා සිටියේ වැඩිදුර උපදෙස් ලැබෙන තෙක් නෞකාව ලංකාවට ඇතුලත් කර නොගන්නා බවයි.


Exit mobile version