චීන කොවිඩ් එන්නතට අත්තනෝමතික අනුමැතියක් දීම ගැන විශේෂඥ වෛද්‍යවරු කළකිරෙති

චීනයේ නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ඇති කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති සිනෝපාම් (Sinopharm) එන්නත මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් විසින් එහි ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක නොමැති බව පවසා ශ්‍රි ලංකාවේ භාවිතයට නුසුදුසු බවට නිර්දේශ කර තිබියදී එම අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කොට එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම අත්තනෝමතික වූත් පෙර නොවූ විරූ තීරණයක් බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක්‌ නිකුත්‌ කරමින් පවසයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහගේ අත්සනින්‌ නිකුත්‌ කර ඇති එම ලිපියේ සඳහන්‌ වන්නේ මෙම එන්නත ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ විශේෂඥයන්ගේ කමිටුව විසින් ශ්‍රී ලංකාවේ සිනොෆාම් භාවිතා කිරීමට විරුද්ධ වී ඇති බවයි. එහෙත් එම මණ්ඩලය වෙනස් කිරීමෙන් පසු ඔවුන් දැන් එන්නත භාවිතයට අනුමැතිය ලබාදී ඇත යනුවෙනි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.
මෙම එන්නතට අනුමැතිය ලබාදීම වෙනුවෙන්‌ ස්වාධීන මණ්ඩලයක සමාලෝචනයක්‌ සිදුවුණ අතර මාර්තු 17 දිනැති එම වාර්තාව මගින්‌ සිනොෆාර්ම්‌ නිෂ්පාදකයින්‌ ප්‍රමාණවත්‌ දත්ත ඒ සඳහා යොමුකර නැති බව දන්වා තිබුණි.
එන්නතෙහි ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ ප්‍රතිශක්තිකරණභාවය පිළිබඳ තීරණය කිරීම සඳහා එම දත්ත අවශ්‍ය බැවින්‌ සීනෝෆාර්ම්‌ එන්නත ලබා නොදිය යුතු බව නිගමනය විය.


නිසි ලෙස පිහිටුවා ඇති ස්වාධීන විශේෂඥ පිරිසකගේ මෙම පැහැදිලි නිර්දේශය නොතකා උපදේශක මණ්ඩලය, අලුතින්‌ පත් කරන ලද මණ්ඩලයක්‌ හරහා මෙම අනුමැතිය ලබාදීමට කටයුතු කර තිබෙන බව පෙනෙන්නට තිබෙන බව නිවේදනයේ දැක්වේ.

එම එන්නත ආනයනය කිරීමටත්‌ ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමටත්‌ ඒ අනුව ඔවුන්‌ ඉඩ ලබා දෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී සමහර අත්තනෝමතික පත්වීම්‌ සහ ඉවත්‌ කිරීම්‌ පිළිබඳව දැඩි කනස්සල්ලෙන්‌ හා තැතිගැන්මෙන්‌
අපි සටහන්‌ තැබීමට කැමැත්තෙමු යනුවෙන් ද එහි සඳහන්‌ ය.

Exit mobile version