චීන එන්නත ලබා ගත්තු විදේශිකයින්ට චීන අල්ලසක්

චීනයේ නිශ්පාදිත එන්නත් ගත් විදේශිකයන්ට චීනයට ඇතුළුවීමේ ප්‍රතිපත්තිය ලිහිල් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්නත්කරණ වැඩපිළිවෙළේ දී  චීනය විසින් නිශ්පාදනය කරන  ලද COVID-19 එන්නත්  ලබාගත් විදේශීය ජාතිකයින් සඳහා වීසා බලපත්‍ර අයදුම්පත් හා සීමා ලිහිල් කරන බව චීනය පසුගිය සඳුදා (15) ප්‍රකාශ කර තිබිණි.

එක්සත් ජනපදය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, පිලිපීනය සහ ඉතාලිය ඇතුළු රටවල් කීපයක චීන තානාපති කාර්යාල   දැන් ඔවුන්ගේ වෙබ් අඩවිවල වීසා බලපත්‍ර අයදුම්පත් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.


එම විසා අයදුම්පත් සමග එන විස්තර පත්‍රිකාව අනුව අයදුම්කරුවන් චීනයේ නිශ්පාදිත  කොවිඩ් 19 එන්නතක් එන්නත්කරණය කරගත යුතුය. නියමිත කාල පරතරය සමග චීන කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් ලැබීම හෝ අයදුම්පතට අවම වශයෙන් දින 14කට පෙර චීන එන්නත් මාත්‍රාවක් ලබා ගැනීම සහ ඒ බවට සහතිකයක් ලබා ගැනීම කළ යුතුව ඇත.

ගුවන් මගින් චීනයට යන එන්නත් කරන ලද මගීන් තවමත් පවතින නීති රීති ප්‍රකාරව කොවිඩ් ආසානය වී නැතිබවටවන පරීක්ෂණයකින් තහවුරු   විය යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසා තිබිණි.  කෙසේ වෙතත් දෛනිකව ඉදිරිපත් කරන මෙම වාර්තාවේ වීසා පහසුකම් ලිහිල් කරන ආකාරය සම්බන්ධව විස්තර කර නැත.

එමෙන්ම සංචාරකයින් “චීනයට ඇතුළු වූ පසු නිරෝධායනය සහ නිරීක්‍ෂණය පිළිබඳ චීනයේ අදාළ රෙගුලාසිවලට අනුකූල විය යුතු“ බව ෂාඕ කියාපවසා තිබිණි.  එන්නත් කරණ වැඩපිළිවෙළ  වෙනත් ජාතීන් සමඟ  අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමට චීනය කැමැත්තෙන් සිටින බවද ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය තුළ කොවිඩ් පාලනය කිරීමෙන් අනතුරුව විදේශිකයන් රටට ඇතුළු වීම සම්බන්ධ ප්‍රතිපත්ති ඔවුන් විසින් දැඩි කර තිබිණි.

Exit mobile version