චීන ආරක්ෂක ඇමතිට හෝන් ගැසූ තරුණයාට අධිකරණයෙන් දැඩි අවවාද

චීන ආරක්ෂක ඇමති පැමිණෙන විට හෝන් ගැසීමේ වරදට බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටින තරුණයාට හැකි ඉක්මනින් නැවත ඔස්ට්‍රේලියාවටම යන ලෙස පවසූ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ හැසිරීම පිළිබඳව දැඩිව අවවාද කළේය.

විනාඩි 15 ක් තිස්සේ තරුණයාට ජාත්‍යන්තර සම්මුති ගැන කියා දුන් මහේස්ත්‍රාත්වයා විදෙස් රාජ්‍ය නායකයෙක් හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙරටට පැමිණෙන විට ඔහුගේ ආරක්ෂාව සහ සියලු පහසුකම් නිසි ලෙස සොයා බැලීම රටේ වගකීම බව පැහැදිලි කළේය.

තරුණයා එහිදී අධිකරණයෙන් සමාව ඉල්ලා සිටි අතර චීන ආරක්ෂක ඇමති වෙනුවෙන් මාර්ගය වසා ඇතැයි තමා නොදැන එම එම විරෝධය දැක්වූ බව සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව රුපියල් 50000 ශරීර ඇපයක් මත තරුණයා නිදහස් කර මැයි 12 වෙනිදාට වැඩිදුර විභාගය පවත්වන්නට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

Exit mobile version