චීන අකුරු තිබූ නීතිපති දෙපාර්තමේන්තුවේ සමරු ඵලකය ඉවත් කෙරේ

AGs smart library plaque

සමාජ ජාල තුළ ආන්දෝලනයකට තුඩු දුන් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්මාර්ට් පුස්තකාලය විවෘත කිරීමට අදාල සමරු ඵලකය ඉවත් කර තිබේ.

සමරු ඵලකයේ නොදැනුවත්ව දෙමළ භාෂාවෙන් සදහන් නොවීම එම විරෝධයට හේතු විය.

නීතිපති දෙපාර්තමේන්තුවේ අභිනව සුහුරු පුස්තකාලය විවෘත කරන ලද්දේ අනුග්‍රහය දැක්වූ චීන රජය වෙනුවෙන් චීනයේ මෙරට තානාපති සහ නීතිපතිවරයා අතිනි.


එහි සිහිවටන පුවරුවේ සිංහල, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් මෙන්ම චීන භාෂාවෙන් අකුරු සටහන්ව ඇතත් රාජ්‍ය භාෂාවක් වන දෙමළ භාෂාව එම සිහිවටන පුවරුවේ සටහන්ව නොතිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට එය ඉවත් කර ඇති බවත් දෙමළ භාෂාව ද අඩංගු ඵලයක් සකස් කරමින් පවතින බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළාය.

Exit mobile version