චීන්නු උතුරු මුහුදට බැස්සේ නීති විරෝධීවනම් කරන දේ ධීවර ඇමති ඩග්ලස් කියයි….

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය පුනරීන් කෞදාරීමුනෙයි ප්‍රදේශයේ චීන සමාගමක් විසින් පවත්වා ගෙන යන මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයට ලබා දී ඇති අවසරය නීත්‍යානූකූල නොවේ නම් ඊට එරෙහිව තමන් ධීවර අමාත්‍යවරයා හැටියට දැඩි පියවරක් ගන්නා බව ධීවර මාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (14) එම  මධ්‍යස්ථානයේ දී පැවසීය.

අමාත්‍යවරයා ජනමාධ්‍යවේදීන් හා ධීවර නිලධාරීන් පිරිසක් සමග බෝට්ටුවලින් ගොස් පුනරීන් කෞදාරීමුනෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන යන මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණයට ලක් කළේය.

මේ අවස්ථාවේදී චීන සමාගමක් විසින් මුහුදු ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ ස්ථාන කීපයක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ  මේ ස්ථානය පවත්වා ගෙන යාම සඳහා අදාල චීන සමාගමට අවසරය ලබා දී ඇත්තේ පසුගිය යහපාලන රජයෙන් බවයි.


මෙසේ ලබා දී ඇති අවසරය නීත්‍යානුකූලව ලබා දී ඇද්දැයි යන්න පිළිබදව වහාම කරුණු සොයා බලා  වාර්තාවක් සපයන ලෙස තමන් ධීවර අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ඩග්ලස් දේවානන්දා   මෙහිදී පැවසීය.

යම් හෙයකින් එම වාර්තාවට අනුව මෙම මුහුදු කූඩැල්ලන් අභිජනනය කරණ මධ්‍යස්ථානය සදහා ලබා දී ඇති අවසරය නීත්‍යානුකූල නොවන්නේ නම් මේ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් තමන් දැඩි පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චියේ හා පුනරීන් ප්‍රදේශයේ ක්‍රියාත්මක ධිවර සංගම්වල නියෝජිතයෝ මේ වන විට අමාත්‍යවරයාට  මේ මධ්‍යස්ථානයට එරෙහිව පෙත්සම් ගණනාවක්ම ඉදිරිපත් කොට ඇති අතර එම ධීවර සංගම් නියෝජිත පිිරිස් ද අමාත්‍යවරයාගේ මේ සංචාරයට එක්ව සිටියහ.

 

Exit mobile version