චීනය සිසුන්ට ගෙදරවැඩ දීම නවතා දමයි

චීනය එරට සිසුන්ට පාසල් කාලයෙන් පසුව නිවසේදී සිදුකිරීමට පැවරෙන අධ්‍යයන කටයුතු සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එරට සිසුසන්ට පාසල් නිමවී නිවසට පැමිණීමෙන් පසු වැඩි විවේක කාලයක් ගත් කිරීමටත් අමතර පංතිවලට එක්වීමට සිදුවීමෙන් අතිරේක අධ්‍යයන කටයුතු අවම කිරීමට මෙම තීරණය ගෙන ඇති බව චීන මාධ්‍ය සඳහන් කරයි.

චීන බලධාරීන්ට අනුව එරට සිසුන්ගේ කායික මානසික සෞඛ්‍ය තත්ත්වය ඉහළ දමමින් සෞඛ්‍ය සම්පන්න මතු පරපුරක් බිහි කිරීම මෙම නව නීති රීති වල අරමුණ වී තිබේ.


එරට මෙම නව වැඩපිළිවෙල යටතේ මේවන විට වයස අවුරුදු 6 සහ 7 යන වයස් වල පසුවන්නන් හට ලිඛිත විභාග අවලංගු කිරීටමත් දරුවන්ට පරිගණක ක්‍රීඩා වල නිරතවිය හැකි කාලය සීමා කිරීටමත් නීති සම්පාදනය කර ඇත.

මේ අතර පසුගිය ජූලි මාසයේදී චීනය විසින් උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන්ද දැඩි සීමා පැනවීමට පියවර ගත් අතර මේ වන විට උපකාරක පන්ති මුලුමනින්ම පාහේ අඩපණ වී ඇති බවට වාර්තා වේ.

ඉතා දිගු සේවා මුරවල යොදීමට සිදුවෙන චීන දෙමාපියන් හට සිය දරුවන් සමඟ ගතකිරීමට සිදුවන කාලය ඉතාම අල්ප වන අතරම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහය වීමද අභියෝගයක්වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තත්ත්වය අනුව බොහොමයක් දෙමාපියන් උපකාරක පන්තිවල පිහිට පැතීමට සිදුවුවද මේවන වන විට එම කටයුතුද අඩාල වීමෙන් ඔවුන්ට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවද වාර්තා වේ.

Exit mobile version