චීනය සිය බලය වර්ධනයට කෘතිම බුද්ධි භාවිතා කිරීමට සැරසෙයි

චීනය විසින් දකුණු චීන මුහුදේ සහ සිය දූපත් ගොඩ නැගීමේ ක්‍රියාකාරකම් තවදුරටත් පවත්වාගෙන යාමට සිය යුධමය කටයුතු වර්ධණය කරගැනීමටත් කෘතිම බූද්ධි යොදා ගැනීමට පියවරගෙන ඇත.

ඒමගින් සිය සමුද්‍රීය බලය වර්ධණය කරගැනීමටත් පවතින බලය තහවුරු කරගැනීමටත් පියවරගනිමින් සිටින බවට චීනය මාධ්‍ය වාර්තා මගින් අනාවරණය වී තිබේ. මේවන විට ලොව විශාලතම නාවික හමුදාවට හිමිකම් කියන චීනය කටයුතු කරමිනි සිටියි.

චීනයේ ටියැන්ජින් හි සිවිල් ගුවන් සේවා විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන විද්‍යා සහ ඉංජිනේරු විද්‍යාලය විසින් කෘතිම බුද්ධි මගින් නව පර්යේෂණ කරමින් සිටින බවටද අනාවරණය වේ. ඒමගින් දකුණු චීන මුහුදේ සැපයුම් ජාලයක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇත.. සවුත් චයිනා මෝනිං පෝස්ට් පැවසුවේ මෙය ආර්ථික සංවර්ධනය සහ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම මගින් බටහිර පැසිෆික් සාගරයේ මතභේදයට තුඩු දී ඇති මුහුදේ සිය ස්වෛරීභාවය ශක්තිමත් කිරීමට බීජිං පාලනයට උපකාරී වනු ඇති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි සහ පැරසෙල් දූපත් ආශ්‍රිතව සංවර්ධනය කිරීමට නියමිත සැපයුම් ජාලයට හෙලිපෑඩ් සහ භාණ්ඩ නැව් සඳහා වන වරායන්හි සිට ගබඩා දක්වා විශේෂාංග 80ක් ඉදිකිරීම ඇතුළත් වේ. චීනය සහ දූපත් වලට පිහටි ගුවන් තොටුපළ 20 අතර නිතිපතා ගුවන් ගමන් මගින් ඒවා සම්බන්ධ කිරීමටද මෙහිදී සැලසුම්කර ඇත. මෙම සැපයුම් ජාල සංවර්ධනය කිරීම සඳහා චීනය ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක් ආයෝජනය කරන බව හොංකොං පදනම් කරගත් ඉංග්‍රීසි භාෂා දිනපතා ප්‍රකාශ කළේය.

Exit mobile version