චීනය පාකිස්ථානයේ න්‍යෂ්ටික ශක්තිය වර්ධනයට සහය දීමක්

චීනය විසින් පාකිස්ථානයට සිය න්‍යෂ්ටික ශක්තිය වර්ධනය කරගැනීමට අවශ්‍ය වූ තාක්ෂණිය සහ ඉතා අන්තුරුදායක න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමටත් අවශ්‍ය සහය ලබාදෙමින් සිටින බව කැඩනාවේ ක්‍රියාත්මක බුද්ධිමණ්ඩලයක් අනාවරණය කරයි.

ඒ අනුව මෙම බුද්ධිමණ්ඩලය පෙන්වාදෙන ආකාරයට පාකිස්ථානය විසින් 1976 වර්ෂයේදී ජාත්‍යන්තර පාරමාණුක ශක්ති ඒජනස්සියේ සුරැකිතාවන් අනුකූලව කටයුතු කිරීමට එකඟ නොවීම විශාල ගැටලුවක් නිර්මාණය කරනු ලබන බවයි.

මෙවැනි තත්ත්වයක් මත චීනය විසින් සිය කලාපීය බලය තහවුරු කරගැනීමට පාකිස්ථානය සමඟ න්‍යෂ්ටික තාක්ෂණ්‍ය හමුවාරු කරගැනීමට කටයුතු කරන බවටද අදාල බුද්ධිමණඩලය චෝදනා කරයි.


එහිදී චීනය විසින් න්‍යෂ්ටික සැපයුම්කරුවන්ගේ කණ්ඩායමේ බැදීම්ද නොසලකා හරිමින් කටයුතු කරන බවත් එමගින් පාකිස්ථානයට න්‍යෂ්ටික අවි නිපදවීමට අවස්ථාව නිර්මානය කරණ බවද එම මණ්ඩලය පෙන්වාදෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පාකිස්ථානයට චීනය විසින් 1990 දශකයේ මුල් භාගයේදී න්‍යෂ්ටික අවි රැගෙන යාමට හැකියාව පවතින් බැලස්ටික මිසයිල ලබාදීමට පියවර ගත් අතර 1998දී පාකිස්ථානය ප්‍රථම වරට සිය න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදුකරනු ලැබීය.

Exit mobile version